පොහොට්ටුවේ මන්ත්‍රීවරු පොලිස්පතිට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි

ප්‍රතිප්‍රහාරය හේතුවෙන් ඉකුත් මැයි මස 9 වෙනිදා මැති ඇමැතිවරුන්ගේ  නිවාස ඇතුළු වටිනා දේපළ  විනාශ කරනු ලැබීමේසිද්ධියේදී නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකළේ යැයි  චෝදනා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට එරෙහිව  විධිමත් පරීක්ෂණයක් වහාම ආරම්භ කිරීමට උපදෙස් දෙන්නැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්  රැසක්  ජනාධිපතිරනිල් වික්‍රමසිංහගෙන්  ඉකුත් සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

එසේම පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රමාදවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන්ආණ්ඩුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද  දැනගන්නට ලැබී ඇත.

ප්‍රතිප්‍රහාර ඇරභි වෙලාවේ පොලීසිය ප්‍රචණ්ඩකාරීන්ව නිසි ආකාරව පාලනය නොකළේ මන්දැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරද ඇත.

Social Sharing
නවතම