ළමා මන්දපෝෂණයෙන් 6 වෙනි තැක ලංකාවට

යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තා අනුව ගෝලිය වශයෙන් ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයෙන් 06 වන ස්ථානයේ පසුවන බවපවසයි.

එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 02 වන ස්ථානයට පත්ව ඇතිබවද යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා පවසයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග ජීවන වියදම ඉහළයෑම හා දිනෙන් දින ආහාරවල මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාවගේආහාරවේලට දරුණු ලෙස බලපෑම් එල්ල වීම මීට ප්‍රධාන හේතුව ලෙස මහතා පෙන්වා දෙයි.

මෙරට පවුල් රැසක් දෛනික ආහාරවේල මගහරිමින් සිටින බවත් ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම දැනටමත් යම්ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතාමේ පිළිබඳව අනාවරණය කර සිටියේ මෙරට සංචාරයක නිරතව සිටින අතර තුර ඊයේ (26) පැවතිමාධ්‍ය හමුවකදීය.

https://youtu.be/H2ntuDNVmcY

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම