මර්වින් සිල්වා අත් අඩංගුවට

 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට (SLRC) සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

2007 වසරේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට කඩා වැදුණු බවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට චෝදනා එල්ල වී තිබේ.

එනම් එවකට කම්කරු අමාත්‍යවරයාව සිටි එතුමා රූපවාහිනී සංස්ථාවට කඩා වැදී එහි අධ්‍යක්ෂකවරයාට පහර දී ඇත.

 

 

Social Sharing
නවතම