ඓතිහාසික ආදර අන්දරයක පෙම්වතිය – මර්සිඩීස් බාර්චා පර්ඩෝ

ගාබිරියෙල් ගාර්ෂියා මාකේස් නැමති විශිෂ්ටයාගේ ආදරණිය බිරිද වූද මර්සිඩීස් බාර්චා 2020 අගෝස්තු මස 15 වැනි දින මෙක්සිකෝ රෝහලකදී මිය ගියාය. මර්සිඩීස් බාර්චා යනු මියගිය ගාබිරියෙල් මාකේස්ගේ නිරන්තර සහකාරිය, ඔහුගේ කෞතුකාගාරය සහ “දකුණු අත” බව පවසන්නේ මාකේස් ගේ සහෝදරයා වන ඡයිම් ගාර්ෂියා මාකේස්ය. ඡීවිතය ඉතා තෘප්තිමත්ව ගත කල ඇය මිය යන විට 87 වැනි වියට පා තබා තිබිනි.

1932 නොවැම්බරයේ උතුරු කොලොම්බියාවේ ඉපදුනු ඇය ඊජිප්තු සම්භවයක් ඇති පවුලකට අයත් වූ අතර සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් වැඩිමලා විය. ඇයට මාකේස්ව මුණගැසුණේ ඇයට වයස අවුරුදු පහේදීය. මාකේස්ට එවිට අවුරුදු 10 කට ආසන්නය. ඔවුන් කොලොම්බියානු කැරිබියානු සුක්‍රේහි ඔවුන්ගේ පවුල් නිවාඩු ගත කළහ. මාකේස් මුලින්ම බාර්චාට විවාහ යෝජනා කළේ ඇයට අවුරුදු 13 සහ ඔහුට අවුරැදු 18 දී ය. ඇය එය සනාථ කලේ තවත් වසර 10 කට පසු කොලම්බියානු ආඥාදායක රොජාස් පිනිලාගේ ඡාවාරමි පිළිබඳ ප්‍රකාශයක් පුවත්පතකට පලකල නිසා යුරෝපයේ පිටුවහල් ඡීවිතයක් ගත කල මාකේස් නැවත කොලොමිබියාවට ආ පසුවය. ඒ 1958 වර්ෂයයි අනතුරුව දෙදෙනාම සිය ඉතිරි ඡිවිත කාලය ගෙවීම සඳහා මෙක්සිකෝව තෝරා ගත්හ. ඒ 1961 දීය. යුවළ ඉක්මනින්ම මෙක්සිකෝවට ගොස් 2014 දී මාකේස් මිය යන තෙක් වසර 56 ක් එකිනෙකාගේ සෙවනැල්ල මෙන් ආදරණිය බැඳීමක ස්ව කැමැත්තෙන් වෙලී පැටලී සිටියහ.

මර්සිඩීස් බාර්චා මිය ගිය දිනට පසුදා ගාබිරියෙල් ගාර්ෂියාගේ චරිතාපදානය ලියූ ජෙරල්ඩ් මාටින් කොලොම්බියානු පුවත්පතකට මෙසේ පවසා තිබිණි. “ඔවුන් විවාහ වන විට පවා ගාබිරියෙල් දක්ෂයෙක් විය. නමුත් මර්සිඩීස් බාර්චා නොමැතිව , ඔහුට සාහිත්‍යයේ සහ ජීවිතයේ පසුකාලීනව අත්කර ගත් සෑම දෙයක්ම කිරීමට නොහැකි වනු ඇත.‘‘

‘‘ සියක් වසරක් හුදකලාව ‘‘ ලියන විට මාකේස් බොහෝ මිනිසුන් නොදන්නා සාමාන්‍ය ඡනමාධ්‍යවෙිදියෙක් පමණක් විය. මෙම යුවළට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදු වූ අතර, අවධානය වෙනතකට යොමු නොවී තම ස්වාමිපුරුෂයාට ඔහුගේ පොත කෙරෙහිම අවධානය යොමු කිරීමට උපකාර කිරීම සඳහා බාර්චා ඇගේ රත්රන් ආභරණද ඇය සතු බොහෝ දේවල්ද උකස් කිරීමට පටන් ගත්තාය. ඔවුන් සිය කුලී නිවසෙට මාස 09 ක් පුරා කුලී ගෙවා නොතිබිනි. එහෙත් ගෙවල් හිමියා ගාර්ෂියා මාකේස් නොව ඔහුගේ බිරිඳ වූ බාර්චා ගේ වචන ගැන විශ්වාසය තබා තිබිණි.

1982 දී ප්ලේබෝයි සගරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මාකේස් මෙසේ කීවෙි ඒ නිසා විය හැකිය.

‘‘ මම සියක් වසරක හුදකලාව අවසන් කළ පසු බිරිඳ සමග එය තැපැල් කාර්යාලයට ගෙන ගියේ කෘතිය බුවනෝස් අයර්ස් හි ප්‍රකාශන ආයතනයට යැවීමේ අදහසිනි. “එය පිටු 700 ක් වූ අතර, තැපැල් කාර්යාලය නව කතාව කිරා මැන බැලූ පසු මෙක්සිකෝවේ සිට ආර්ජන්ටිනාව දක්වා යැවීමට පෙසෝ 83 ක් වැය වන බව කීවේය. මගේ බිරිඳ මර්සිඩීස් මට කීවේ අපට ඇත්තේ පේසෝ 45 ක් පමනක් බවයි. මම පොත අඩකින් බෙදූ අතර ඇයට මෙසේ කීවෙමි: ‘මෙම පොත පෙසෝ 45 ක් දක්වා පමණක් දක්වා කිරා යවමු .’ පෙසෝ 45 ක් දක්වා ඔවුන් මස් කපන්නන් මෙන් කෘතියේ කොළ වෙන් කළහ. එය පෙසෝ 45 ට ළඟා වූ විට, අපි එම කොළ රැගෙන ඒවා ඔතා බුවනෝස් අයර්ස් වෙත යැව්වෙමු. ඉතිරිය අපි තබා ගත්තෙමු.

පසුව අපි ගෙදර ගියෙමු. මර්සිඩීස් නවකතාවෙි ඉතිරි අර්ධය යැවීම සඳහා උගස් කර මුදල් සෙවීමට ගෙදර ඉතිරිව ඇති අන්තිම දේත් එළියට ගත්තාය. එකක් නිවස උනුසුම් කිරීමට භාවිතා කරන හීටරයයි. අනෙක් දෙක කෙස් වියලන යන්ත්‍රයක් සහ පලතුරු මිශ්‍රණයකි . ඒවා සමඟ මොන්ටේ ඩි පීඩාඩ් වෙත ගිය ඇය ඒවා විකුණා වහා ඔහුට පෙසෝ 50 ක් ගෙනවිත් දුන්නාය . පසුව දෙදෙනාම “නවකතාවේ ඉතිරි කොටස තැපැල් කාර්යාලයට ගෙන ගොස් එය කිරා මැන තැපැල් ගාස්තුව ලෙස පෙසෝ 48 ක් වැය කල පසු කොළ පැහැති මුහුණින් සිටි ඇය මට මෙසේ කීවාය ‘ගැබෝ ! දන්නවද තවත් ඉතිරි වෙලා තියෙනවා නම් තියෙන්නෙ අපි දෙන්නගෙ ආදරේ නරක අතට හැරෙන එක විතරයි’

කෙසේ වුව මර්සිඩීස්ගේ සියලු කන කර උකස්කර අවසානයේ ගෙදර හීටරයද විකුණා දමා 1967 දී පලකල මාකේස්ගේ සියක් වසක් හුදෙකලාව භාෂා 25 කට පරිවර්තනය වී පිටපත් මිලියන 50 කටත් වඩා විකිණි තිබිනි. එය එතෙක් 17 වන සියවසේ “දොන් ක්වික්සෝට්”නවකතාව ලියූ හා කීර්තියේ මුදුන්පෙත්තේ වැඡබෙමින් උන් මිගෙල් ඩි සර්වන්ටෙස්ගෙන් පසු ස්පාඤ්ඤ භාෂාවෙන් ලියනු ලබන ලේඛකයන් අතර අංක එකේ විශිෂ්ටයා බවට පත් කරලීය. එහි පුර්ණ ගෞවරවය මර්සිඩීස් බාර්චාට මාකේස් පිරිනැමිය යුතුව ඇත.

ලෝක‍‍යේ කීර්තිමත් ඡනමාධ්‍යවෙිදීන්ට අනුව ඔවුනට මාකේස්ට ළගාවිය හැකි යතුර තිබුනේ මර්සිඩිස් අතය. මාකේස් හමුවිය යුත්තේ කාවද ඉවත දැමිය යුත්තේ කාවදැයි තීරණය කලේ මෙි බලගතු ගැහැණියයි. එමෙන්ම මාකේස්ගේ ප්‍රහාරාත්ම හා නිර්ධය විවෙිචකයා ඇය විය.

නිර්මාණකරුවා තම ‘‘ සියක් වසරක හුදකලාව ‘‘ ප්‍රථමයෙන් කියවන්න දුන්නේ මෙි ප්‍රහාරාත්මක විවෙිචිකාවටය. එය කියවා අහවර වු පසු ඇගේ නෙත් කාන්තියෙන් දිදුලන්ට පටන් ගත් බව ගාබිරියෙල් කියා තිබිණි. ඒ අවස්ථාවෙි බාර්චාගේ කාන්තිමත් බැල්ම සහ ඇගේ මුහුණ ඔහුට මෙය ප්‍රකාශනය කළ යුතු හා මිනිසෙකුට තෘප්තිමත් විය හැකි කෘතියක් බවට ඉර හද සේ විශ්වාසයක් ඇති කළේය. ගාර්ෂියාට ඇය කළ බලපෑම කෙසේද යත් හේ ටයිමි සගරාවට මෙසේ පවසා තිබිණි
‘පිදෙල් කැස්ත්‍රෝ මාව විශ්වාස කරන්නෙ නෑ එයා විශ්වාස කරන්නෙ මර්සිඩීස් බාර්චා පර්ඩෝව’

උපුටාගැනීම : ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම