හෙට විරෝධතාවය අඩපන කරන්න පොහොට්ටු මෙහෙයුමක් ?

හෙට (9) කොළඹ කොටුවේ පැවැත්වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විරෝධතාවය අඩාල කිරීම සඳහා පොදුජන පෙරමුණට අදාළ වෘත්තීය සමිති කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වනවිට ලංගම සේවකයන් අද (8) දහවල් 12.30 සිට බස් වර්ජනයක් ආරම්භ කර ඇති අතර මෙහි දිගුවක් ලෙස, ලංගම විසින් පුද්ගලික බස් රථ සඳහා නිකුත් කරනු ලබන ඉන්ධන ලබාදීම ද නතර කර දමා ඇතැයි කරුණු වාර්තා වෙයි. හෙට උදෑසන සිට දුම්රිය ගමන් වාර සංඛාව අඩුකරගැනීම සඳහා ද යම් යම් උත්සාහයන් ගනිමින් ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරන්නේ හෙට උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව සිය බස් රථ ධාවනය නොවෙන බවය.

මේ අතර ලංකා IOC සමාගමද ඉන්ධන සැපයීම නවතා දමා ඇත. ඔවුන් ප්‍රකාශ කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ කර්මාන්තශාලා වෙතට පමණක් ඔවුන් ඉන්ධන සැපයීම දිගටම සිදුකරන බවය.

එසේම LIOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, ත්‍රිකුණාමලයේ පිහිටි පෙට්‍රෝලියම් පර්යන්තය සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් හෙට (09) දිනයේ ආරක්‍ෂිත පියවරක් ලෙස වසා දමන බවය.

Social Sharing
නවතම පුවත්