ජනාධිපති දැන් යන්න ඕනී – පොහොට්ටුවෙන් කැරැල්ලක්

රට ලේ විලක් නොකොට නව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසමින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්ව යා යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් පසුගිය 7 දා සවස පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර එම අවස්ථාවට පොහොට්ටුවේ ප්‍රබලයින් 50 දෙනෙකුට ආසන්න ප්‍රමානයක් සහභාගී වී ඇත.

මෙම පිරිසේ ඒකමතික මතය වී ඇත්තේ ජනාධිපතිවරයා වහාම ඉවත්ව යා යුතු බවයි. එලෙස ඔහු ඉවත්ව නොයන්නේ නම් පාර්ලිමේන්තුව හරහා ඔහුගේ පාලනයට තිත තැබීමට සක්‍රීයව දායකවෙන්නට ද මෙම පිරිස එකඟවී ඇත.

 

Social Sharing
නවතම පුවත්