තරිඳුට CID එන්න කීම මාධ්‍යට තර්ජනයක්..!

යූටියුබ් මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන තරිඳු උඩුවරගෙදර හෙට (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ආණ්ඩුව විසින් මාධ්‍යට එල්ලකරනු ලැබූ තර්ජනයක් බව ප්‍රකාශක කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්‍යාලයට ලිපියක් භාරදීම අද (27) උදෑසන එම කාර්‍යාලය ඉදිරිපිටදී සිදුවිය.

තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදියාගේ සංස්කරණයෙන් පළවෙන සටහන් රේඩියෝ යූටියුබ් නාලිකාවේ විකාශය කළ ඇතැම් වීඩියෝ හි සිරස්තල සහ අන්තර්ගතය අතර සම්බන්ධයක් නැතැයි ගුවන්හමුදා බුද්ධි අංශය සීඅයිඩීය වෙත කළ පැමිණිල්ලකට අදාළව මෙම මාධ්‍යවේදියා සීඅයිඩීය වෙත ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කැඳවා ඇති අතර මෙයට විරෝධය දක්වමින් මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරිකයන් රැසක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්‍යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් දැක්වූ අතර එයින් පසුව ඔවුන් එම කාර්‍යාලයේ ප්‍රධානියෙක් හට ලිපියක්ද භාරදෙනු ලැබීය.

Social Sharing
නවතම