රුසියානු රත්තරං ආනයනය තහනම්

රුසියානු රත්තරං ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම තීරණය හෙට (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එයින් රුසියාව තම යුධ ගැටුම් වලට අවශ්‍ය මුදල් එක්රැස් කිරීම දුර්වල කළ හැකි බව රාජ්‍ය නායකයෝ පවසති.

කෙසේ වෙතත් රුසියාව 2021 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15.4 ක රත්තරං අපනයනය කර ඇතැයි වාර්තා වේ.

එසේම අනෙක් ජී7 සාමාජිකයන් වන ප්‍රංශය,ඉතාලිය සහ ජර්මනියටද රුසියානු රත්තරං ආනයනය කිරීම තහනම් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යෝජනා කර ඇත.

Social Sharing
නවතම විදෙස්