21ට බාලගිරි දෝෂේ

21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඊළඟ ක්‍රියාවලිය වෙත ප්‍රවේශ වීම එන්න එන්නම කල් යමින් තිබෙන අතර ඒ අනුව පසුගිය 13 දා පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ.

මෙම සම්මත නොකර ගැනීමට හේතුව ලෙස ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය නිසා එලබෙන බ්‍රහස්පතින්දා දිනයේ දී ද මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පවත්වෙන බව වාර්තා වෙයි.

මේ අනුව එලබෙන සඳුදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ පොදුජන පෙරමුණ 21 වැනි සංශෝධනයට දක්වන විරෝධය නිසා 21 වැනි සංශෝධනය තවදුරටත් ප්‍රමාද වෙනු ඇති බවය.

Social Sharing
නවතම පුවත්