සුබ උපන්දිනයක් ජොනතන්…!!

සී ශෙල්ස් දූපත්වල හිටපු විලියම් ග්‍රේ විල්සන් මහත්තයා සත්ව විද්‍යාඥයෙක්.  1882 වසරෙදි මේ මහත්තයා සී ශෙල්ස් දූපත් වලඉඳල  සාන්ත හෙලේනා දූපත් වලට යද්දි  ජොනතන්වත් අරන් යනවා. (Saint Helene Islands/සාන්ත හෙලේනා දූපත් තියෙන්නෙඅප්‍රිකාවත් දකුණු ඇමරිකාවත් අතර සාගරයේ මැද්දට වෙන්න)

1882 අවුරුද්දෙ තමා විදුලි බලය හොයා ගන්නෙත්.. ජොනතන්ට අවුරුදු පනහ සම්පූර්ණ වෙන්නෙත්.. විල්සන් මහත්තයාහෙලේනා දූපතේ ආණ්ඩුකාරයා වෙන්නෙත්.

පළවෙනි මෝටර් රථය ධාවනය වෙද්දි ජොනතන්ට අවුරුදු පනස් හතරයි.

පළවෙනි අහස් යානාව අහසට නඟිද්දි  ජොනතන්ට අවුරුදු 71 යි. පලවෙනි ලෝක යුද්ධය වගේම දෙවනි ලෝක යුද්ධෙ අහස යානා.. බෝම්බ සද්දෙත් ජොනතන් අහගෙන හිටියා.

එයා ඉපදෙනකොට මේ ලෝකෙ බොහොම සුන්දරයි.. සාමකාමීයි.. ගහ කොල වලින් පිරිලා. වෙනුවට අද ලෝකය කහලගොඩක් බවට පත්වෙලා. මිනිස්සු ටිකෙන් ටික ලෝකය විනාශ කරන හැටි ජොනතන් බොහොම සාවධානව බලාගෙන ඉන්න ඇති.

මේමෝඩ මනුස්සයාලෝකයේ පහළ වුණු මෝඩම ජීවියා බව ජොනතන් තේරුම් ගත්තාට සැක නෑ. මේ අවුරුද්දෙ ජොනතන්අවුරුදු 190 ළඟා වුණා. එයා තමයි මේ ලෝකෙ වයස් ගතම ජීවියා.

හෙමින් ගමන් යන අය බොහොම දුර යනවනෙ. ජොනතන් අයිති වෙන්නෙ Seychelles giant tortoise කියන ඉබ්බන් වර්ගයට.

1882  වෙද්දි ලංකාවෙ ආණ්ඩුකාරවරයා වූ එඩ්වඩ් බාන්ස්ගෙ සහායට ලංකාවට එන්න ග්‍රේ මහත්තයා අකමැති වෙලා තිබුනු නිසාතමයි ජොනතන් අදත් පාඩුවේ ජීවත් වෙන්නෙ.

කොහොම වුණත් සුභ උපන්දිනයක් ජොනතන්. ඔයා ඉපදුනු බිමේ තමයි ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් කොටසක්තියෙන්නෙ.

Malcolm Sang

උපුටා ගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග