දේශබන්දු අත්අඩංගුවට ගන්න කොටුව උසාවියේ විරෝධතා

බස්නාහිර පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැයි 09 දා සිදුවීම සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගත යුතුයැයි කොටුව උසාවිය අභියස මේවනවිට උද්ඝෝෂණයක් පැවැත්වෙයි.

මැයි 09 දා අරලියගහා මන්දිරයේ සිට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන එන්නට නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියාකළ බව සහ ඔහු පසුගිය කාලයේ දිගටම දේශපාලන රූකඩයක් වී කටයුතු කළ බව මේවනවිට අනාවරණය වී තිබේ.

පසුගිය දා සීඅයිඩීය වෙත පැමිණි පොලිස්පතිවරයාද මෙම සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ මෙම නිළධාරියා දිගින් දිගටම තමන්ගේ නියෝග නොසලකා දේශපාලකයින් වෙනුවෙන් කටයුතු කර ඇති බවය.

Social Sharing
නවතම