මන්දිරේට ගිය අන්තරේට කඳුළු ගෑස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න යැයි බලකරමින් පැමිණි අන්තරයේ විරෝධතා පා ගමන මේ වනවිට කොළඹකොටුව යෝක් වීදය දෙසට ගමන් කරමින් ඇති අතර එහිදී පොලීසිය පාගමන වෙත දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරමින්ඇත

තත්ත්වය මෙසේ වෙද්දී  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන්ට කොටුව ජනාධිපති මාවත, යෝර්ක් වීදිය සහ චැතම්වීදිය ඇතුළු මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

මාසයකට අධික කාලයක් පවතින විරෝධතා නිසා ජනාධිපතිවරයා කොටුව ජනාධිපති මන්දීරයට කොටුව සිටින අතර මෙම නවතත්ත්වය සමග ඔහුගේ ඊළඟ නවාතැන කොහේවෙනු ඇත්දැයි ප්‍රශ්නයක් බව ගෝල්ෆේස් අරගයේ නිරත ක්‍රියාකාරීන් ප්‍රකාශ කරති.

Social Sharing
නවතම