ජගත් අල්විස් උසාවියට අපහාස කරලා..! 

පසුගිය 12 දා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් ලියමින්, පසුගිය කාලයේ රටතුළ ඇතිවූ තත්ත්වයන් ඇති වූවේ, පොලීසිය උද්ඝෝෂණ නවත්වන්න යැයි උසාවියෙන් නියෝග ඉල්ලන අවස්ථාවේදී කණිෂ්ඨවිනිශ්චයකාරවරු විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරපු නිසා බව කියා ඇතැයි, පසුගිය දා සජබ මන්ත්‍රී තලතා අතුකෝරල  පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර ඇත.

 එහිදී ඇය වැඩිදුරටත් මෙම ලිපිය ගැන සඳහන් කරමින් ප්‍රකාශ කර ඇත්තේකවුද මේ පුද්ගලයා. එතුමා යන්න ඕනේ නීතිපතිතුමායටතේ, මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපාඒකාධිපතිවාදය පතුරවන්න ගිහින් රටම ගිනිගොඩක් කරලා තමයි පස්සබලන්නේ, අපි 225 පුදුම අනතුරක දාලා තියෙන්නේයන්නයි.

මෙම ලිපිය ලැබීමෙන් පසු අගවිනිසුරුවරයා, වහාම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ගන්නා ලෙස මහජන ආරක්ෂාවපිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස්ට දැනුම් දෙන්නැයි නිතිපතිවරයට දන්වා ඇතැයි කරුණු වාර්තා වෙන බව වෙබ් මාධ්‍යතොරතුරු වාර්තා කරයි.

Social Sharing
නවතම