මයිනා ගෝ ගම ඉවත් කෙරේ

අරලියගහ මන්දිරය අසළ අරගලකරුවන් ඉවත් කිරීම සඳහා උසාවි නියෝගයක් ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර තිබේ.

අද (04) උදෑසන කොල්ලුපිටිය පොලිසිය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණ වෙත ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරමින් කොටුව මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව අරගලකරුවන් සහ ඔවුන් විසින් ඉදිරිකරන ලද සියල්ල ඉවත් කිරීමට උසාවි නියෝගයක් ලබා දී තිබෙන අතර 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106(1) වගන්තියේ ප්‍රතිපාදන අනුව එසේ කිරීමට නියෝග කර ඇත.

වග උත්තරකරුවන් සිව් දෙනෙකු නම් කරමින් මේ සඳහා හේතු ලෙස සඳහන් කර ඇත්තේ එසේ අරගලකරුවන් රැඳී සිටීම සහ ඔවුන් විසින් කරන ලද ඉදිකිරීම් නිසා මහජනතාවට බාධා ඇතිවන බවයි.

Social Sharing
නවතම