හෙට මහින්ද යයි, ඩලස් එයි..?

එලබෙන මැයි 04 වෙනිදා පාර්ලිමේන්තුව යළි ආරම්භ වූ පසුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගන්නට නියමිත බවද, ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම දිවුරුම් දෙනු ඇතැයි ද, පොදුජන පෙරමුණ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

සමගිජන බලවේගය සහ ජාතික ජන බලවේගය ගොඩනැගෙන්නට යෝජිත අන්තර්වාර පාලනයට සිය විරෝධය දැනටමත් පළකර තිබෙන පසුබිමක නව ආණ්ඩුවක් පිහිටුවීම අභියෝගයක් වී ඇත. ඒ අනුව ශ්‍රීලනීපයද මේවනවිට තම පාර්ශවය නියෝජනය කරනු ලබන නිමල් සිරිපාල ද සිල්වාට අග්‍රාමාත්‍ය ධුරය හිමිවිය යුතුයැයි ප්‍රකාශ කර ඇත. මෙම තත්ත්වය තුළ නව ආණ්ඩුව පිහිටුවීම තවදුරටත් ප්‍රමදවීමේ යම් ඉඩකඩක් ද පවතින බව වාර්තා වෙන අතර විමල්-ඩලස් පාර්ශවයේ උත්සාහය වී ඇත්තේ හෙට (4) නව ආණ්ඩුවක් පිහිටුවීමටය.

මෙම තත්ත්වය අනුව හෙට දිනයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ අනුව අමාත්‍ය මණ්ඩලයද හෙට බලරහිත වෙනු ඇත.

Social Sharing
නවතම