ඩලස් අගමැති..?

වර්තමාන දේශපාලන අර්බූදය නිසා පැනනැඟී ඇති තත්ත්වය මත හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

මේ වෙනවිට ඩලස් ගේ නායකත්වය පිළිගන්නා පාර්ලිමේන්‍තු මන්ත්‍රී කණ්ඩායම මන්ත්‍රීවරුන් 68 දෙනෙකුගෙන් පමණ සමන්විත වන බව දැනගන්නට ලැබෙන අතර එලබෙන මැයි 04 දා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වනවිට මෙම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි දැනගන්නට ලැබේ.

දැනට රාජපක්ෂවරුන් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 65ක් පමණ සිටින බවද එම සංඛ්‍යාවද ඉදිරියේදී අඩුවිය හැකි බවද වාර්තා වෙයි.

විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්කර ඇති දෝෂාභියෝග යෝජනාව මේවනවිට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති අතර ඩලස් අලහප්පෙරුම පාර්ශවය ඉදිරිපත් කරන අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුව තුළ යම් සාර්ථකත්වයක් අත් කරගෙන ඇත.

වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වයේ පිහිටෙන් අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමට තමන්ට කිසිඳු උවමනාවක් නැතැයි ප්‍රකාශ කර ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජපක්ෂවරුන්ගෙන් තොර අන්තර්කාලීන ආණ්ඩුවක් කුමන හෝ පාර්ශවයක් විසින් නිර්මානය කරයි නම් එයට සජබ සහාය ලබාදෙන බවත් ප්‍රකාශ කර ඇත.

මෙම වර්තමාන තත්ත්වය තුළ විපක්ෂ නායක ධුරය පොදුජන පෙරමුණට යාමේ ඉඩකඩක්ද නිර්මානය වී ඇති අතර එයට විසඳුම ලෙස ඩලස් පාර්ශවයෙන් යෝජනාවී ඇත්තේ සර්වපාක්ෂික අන්‍තර්කාලීන ආණ්ඩුවක් ය.

කෙසේ වුණත් පාර්ලිමේන්තුව නැවත ආරම්භ කරන දිනය වනවිට නව අගමැති ලෙස බොහෝ දුරට ඩලස් අලහප්පෙරුම දිවුරුම් දෙනු ඇතැයි ද ඔහුගේ නායකත්වයෙන් සීමිත කැබිනට් මණ්ඩලයක් පත්වෙනු ඇතැයිද එම කැබිනට් මණ්ඩලයට සජබ මන්ත්‍රීවරුන්ද ඇතුලත් වීමේ ඉඩකඩක් ඇතැයිද වාර්තා වෙයි.

Social Sharing
නවතම