කබ්රාල්ට රටින් පිටවවිම තහනම්…!

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය අද දින නියෝගයක් නිකුත් කරනු ලැබිණ.

කබ්රාල් මහතා  වරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෞද්ගලිකව කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝගය නිකුත් කරන ලදී.

එමෙන්ම ලබන දහඅට වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කබ්රාල් මහතාට සිතාසිද නිකුත් කරන ලදී.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්හ.

උපුටා ගැනීම newspedia.lk

Social Sharing
නවතම