බැසිල් නෑ කියූ වාර්තාව IMF එළියට දායි

පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා සිටි බැසිල් රාජපක්ෂ නෑ යැයි කියූ IMF වාර්තාව එම ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

එම වාර්තාවට අනුව 2019 බදු අඩු කිරීම, පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම,  සංචාරක ආදායම් අහිමි වීම සහ කොරෝනා වසංගතය නිසා රට වසා දැමීම වැනි හේතු නිසා මෙම ආර්ථික අර්බූදය උස්සන්න වී ඇත.

එම වාර්තාව සඳහන් කරන්නේ මේ වනවිට  ශ්‍රී ලංකාව දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිඟයකට පත්වී ඇති බවයි.

එම වාර්තාවට අනුව පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119 ක් ඉක්මවා ඇත.

මේවනවිට රට තුළ උද්ධමනය ඉලක්කම් දෙකක පසුවන අතර එය තනි ඉලක්කමක  රඳවා ගැනීමට රජයට නොහැකි වි ඇතැයිද එහි සඳහන්.

සම්පූර්ණ වාර්තාව පහතින්..👇

IMF Country Report

Social Sharing
නවතම