අලුත් අවුරුද්දට පස්සේ අලුත් අගමැති කෙනෙක්?

එලබෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයෙක් අරලියගහ මැදුරට පැමිණෙනු ඇතැයි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි සේවකයන් සමග පවසා ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 24 දා අග්‍රාමාත්‍යවරයා සිය මුළුතැන් ගෙදරට ගොස් එහි සාමාජිකයන් සමග සුහද කතාබහක නිරතව සිට ඇතැයි ද, එහිදී අලුත් අවුරුද්දෙන් පසුව අලුත් අගමැතිවරයෙක් යටතේ වැඩකටයුතු කරන්නට සිදුවෙනු ඇති බවද, පවසා ඇතැයි එම මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ධුරයෙන් ඉවත් වන්නේ දේශපාලන ගැටුමක් නිසා නොව වර්තමාන අර්බුදය විසඳීම සඳහා යම් පියවරක් වශයෙන් බවයි.

කෙසේ වෙතත් මෙම පුවත පිළිබඳව ‘අයිතිය වෙබ් අඩවිය’ අග්‍රාමාත්‍ය කාර්‍යාල නිළධාරියෙකුගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ එවැනි දෙයක් තමන්ට දැනගන්නට නැති බවයි.

Social Sharing
නවතම