ඇමති විමලවීර අධ්‍යක්ෂතුමියගේ පොත්ත සුදුයි කියලා..

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක තමන්හට අපහාසාත්මකව කතා කරමින් තමන්ට මාධ්‍ය සහාය ලැබෙන්නේ පොත්ත සුදු නිසා යැයි පැවසූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ ප්‍රකාශ කරන්නීය.

රිදීගම සෆාරි උද්‍යානයේ පාංශු වෛද්‍යවරයාට එහි පොහොට්ටු වෘත්තීය සමිති සාමාජිකයන් විසින් පසුගිය දා පහර දී තිබූ අතර එම සිදුවීමට විරෝධය දක්වා රටපුරා පාංශු වෛද්‍යවරුන් ලෙඩ නිමාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි අතර මෙම සිදුවීම සහ තවත් සිදුවීම් කිහිපයක් සහ පොහොට්ටු පොහොට්ටු වෘත්තීය සමිති සාමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා එම උද්‍යානයේ ඇතිවී තිබෙන ගැටලු ගැන මාධ්‍ය හමුවක් තබමින් ඇය කරුණු අනාවරණය කළා ය.

ඇය එම සෆාරි උද්‍යානයේ කළ සංචාරයකදී එහි පොහොට්ටු වෘත්තීය සමිති සාමාජිකයන් හූ තැබූ බවත්, වාහන‍යේ හුළං බැසීම සඳහා යම් යම් දේ කර තිබුණ බවත්, උද්‍යානයෙන් එළියට ඒම සඳහා පොලීසිය කැඳවන්නට සිදුවූ බවත් එහිදී ඇය මෙහිදී කියා සිටියා ය.

එහිදී ඇය රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායගේ ක්‍රියා කලාපය සහ අමාත්‍යාංශ ලේකම්ගේ ක්‍රියාකලාපයන් දැඩිව විවේචනය කළා ය. එහිදී මෙම අමාත්‍යාංශයේ වර්තමානයේ ඇතිවී තිබෙන අසෝබන තත්ත්වයට එහි ලේකම්වරයා වගකිව යුතු බවද ප්‍රකාශ කළා ය.

 

Social Sharing
නවතම