“යුද්ධය ඇති” බෙලරුසියානු හමුදාව කියයි.

යුක්‍රේන ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදා සාමාජිකයන් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එනම් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහ ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට සහභාගීවීම එලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ අතර රුසියාව මේ වන විට යුක්‍රේන යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අරමුණු කර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය පැවසී ය.

එසේම රුසියාව, යුක්‍රේනයේ චර්නොබිල් බලාගාරයේ නව රසායනාගාරයක් විනාශ කළ බවට රුසියානු හමුදාවට චෝදනා එල්ල වේ. යුක්‍රේන බලධාරීන් පැවසුවේ එම රසායනාගාරය තුළ විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු කරන නිසාවෙන් එයට ප්‍රහාර එල්ල කර ඇති බවයි. තවද රසායනාගාරයේ තිබු සාම්පල රුසියානු හමුදාව සතු වීම ඉතා භායානක බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ගොඩබිමින් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආසාර්ථක වී ඇති පසුබිමක රුසියානු හමුදා සාමාජිකයින් 100 දෙනෙකු ඊයේ දින මිය ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා කර ඇත.

Social Sharing
නවතම විදෙස්