අපි හැමෝගෙම ඇතුළෙ දරුවෙක් ඉන්න බව කියන්නෙ විහිළුවට නෙමෙයි. අපි ඇතුළෙ ඉන්න ඒ දරුවා අපිත් එක්කම මේ ගමන යනවා. එයා තුළ තමයි අපේ පැරණි මතකයන් තියෙන්නෙ. පුංචි දරුවෙක් විදිහට අපේ උවමනා සපුරාගන්න අපිට නොහැකි වුණාම ( අපි වටා ඉන්න වැඩිහිටියන් ඒ කාර්යය කරන්න අසමත් වුණාම) ඒ දරුවා තුවාල වෙන බව ඔබ දන්නවා. මේ උවමනා කියන්නෙ සෙල්ලම් බඩු, අයිස්ක්‍රීම් වගේ දේවල් නෙමෙයි ( ඒවත් දරුවන්ගෙ උවමනාවල්/ ආසාවල් තමයි). පිළිගැනීම, ඇහුම්කන්දීම, ගෞරවය, ආදරය, උණුහුම, අපි වටින බව දැනෙන්න දීම වගේ දේවල් අපි නොදැනුවත්වම අපි බලාපොරොත්තු වෙනවා ඉතාම පුංචි දරුවන්ව සිටියදීත්. ඒ අවශ්‍යතා සැපිරෙන්නෙ නැතුව හිස්තැන් ඉතුරු වෙන දරුවන් තුවාල සහිතව උස්මහත් වෙලා, සබඳතාවලට ගියාට පස්සෙ මෙන්න මේ වගේ දේවල් කරන්න පෙළඹෙන්න ඉඩ තියෙනව.
- අළුත් කෙනෙක්ව මුණගැහුණම එයාගෙ ඇත්ත ස්වාභාවය දකිනවා සහ අඳුරගන්නවා වෙනුවට, අපි පෙළඹෙනවා අපේ ඔළුවෙ එයා ගැන තියෙන, එයා මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියන ෆැන්ටසිය, රූපය සහ ගතිගුණ එයා මත පටවන්න. ඒ අපි මවාගන්න රූපය මත අපි අපේ ඔළුවෙන් එයා එක්ක අනාගතයක් ගොඩ නගන්න පටන් ගන්නවා ( Projecting an image of who we want someone to be)
- අපිට නිතර හිතෙනවා අපි කරුණාවන්ත සහ සහානුකම්පාව තදින් දැනෙන මිනිස්සු බව. ඒ ඔස්සේම අපි නිතරම ” හදන්න උවමනා” මිනිස්සුන්ට ළං වෙනවා. ” එයාව හොඳ කෙනෙක් කරන්න මට පුළුවන්, එයාව හදන්න මට පුළුවන්, එයාට කේන්ති ගියාම කුණුහරප කියලා කෑ ගහලා බඩු පොළේ ගහන එකෙන් මුදවගන්න මට පුළුවන්” වගේ හැඟීම් අපිට එනවා.
- ස්ථාවර, නිශ්චලව, මෘදුව ගලාගෙන යන සබඳතා අපිට හරිම Boring කියලා හිතෙනවා. දැනෙන සුළු Passion එකක් තියෙනවා කියන්නෙ රණ්ඩු, තර්ක විතර්ක ගොඩක් පිරුණු සබඳතාවයක් කියලා අපිට හිතෙනවා. ” රණ්ඩු වුණේ නැත්තම් කෑවේ නෑ වගේ, අපිනම් රණ්ඩු වෙනවා යාළු වෙනවා ගාණක් නෑ” වගේ කතා කියන්න අපි හුරුවෙනවා. ඒක සාමාන්යබව අපි විශ්වාස කරන්න පටන්ගන්නවා.
- අපි ඇත්තටම දන්නෙ නෑ අපිට මොනවද ඕනේ කියලා. ගොඩක් වෙලාවට අපිට අමාරුයි අපේ ඇත්ත හැඟීම් සහ උවමනා කියව ගන්න. ඒ නිසාම අපි බලාපොරොත්තු වෙනවා අපේ Partner ඒවා ඉබේම තේරුම්ගනී කියලා. ” ඇයි මම කියන්නම ඕනෙද මට මොනවද ඕනේ කියලා? ඔයාට තේරෙන්නෙම නැද්ද? මම කට ඇරලා කිව්වොත් විතරද තේරෙන්නෙ?” වගේ කතා අපි කියනවා.
ඔබ නිතරම ගොඩාක් සංකීර්ණ වුණු, emotional drama බහුල සබඳතාවලට ඇතුල්වෙනවා. ඔබේ Partnerට සබඳතාවය ගැන ෂුවර් නැති, ඉතා ඉක්මනින් සබඳතාවය අත අරින, ඔබව අත ඇරලා දාන, නිසි පරිදි සන්නිවේදනය නොකරන, ඔබව නොසලකා හරින, ඔබ වැඳ වැටෙමින් පස්සෙන් යා යුතු වර්ගයේ සබඳතාවලට ඔබ ඉක්මනින් ඇතුල් වෙනවා.
ඒ වගේම ආදරේ කියන්නෙ විඳවීමක්, වේදනා විඳීමක්, ආදරය ලබාගන්න/ දිනාගන්න වැඩ කිරීමක්, පාලනය වීමක් හෝ කිරීමක්, දඬුවම් ලැබිය හැකි හෝ ලබා දිය හැකි අවස්ථාවක් වගේ අදහසුත් අපේ ඇතුළෙ ඉතුරු වෙනවා.
මෙන්න මේ කාරණා නිසා, තුවාලලත් දරුවො වැඩිහිටියො බවට පත් වුණාම, තමන්ගෙ පෞද්ගලික සබඳතා ඇතුළට ඒ හානිය ගලාගෙන එන්නෙ මේ විදිහටයි.
මේකෙන් සුවපත් වෙන්න ක්‍රම ගණනාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතර
- නිතරම පොඩ්ඩක් නතරවෙලා තමන්වම පරික්ෂා කරන්න. තමන් එක්කම කතා කරන්න. ඔයා හොඳින්ද, ඔයාට කොහොමද දැනෙන්නෙ, ඔයාගෙ උවමනා මොනවද කියලා පරික්ෂා කරන්න
- ඔයාගෙ ඇතුළෙ ඉන්න කුඩා දරුවට ලියුමක් ලියන්න. ඔයා ගමන් කරපු සියළු වේදනාවන් සිහිකරන්න. ඒවා එහෙම වුණු බව පිළිගන්න. ඒ සියල්ල හරහා පවා දැන් ඔයා සුරක්ෂිතව ඉන්න බවත්, මේ ඉන්න තැනට එන්න ඔයා ගොඩාක් වෙහෙසුණු බවත් ඔයාටම සිහි කරවන්න ඒ ලියුම හරහා
- අපි තුළ ඉන්න තුවාල ලබපු කුඩා දරුවා ‘Creative Self Expression’ මඟින් සුවපත් වෙන බව මතක තියාගන්න. ඔබව නිදහස් කරන දේවල්වල නියැළෙන්න. ගායනය, චිත්‍ර ඇඳීම, ලිවීම, නර්ථනය, රංගනය මේ ඕන එකක් හරහා නිදහස් වීමේ ක්රමයන් හොයාගන්න
- ඔබ තුළ ඉන්න කුඩා දරුවට කරුණාවන්ත වෙන්න. ඔයා කලබලයට, කම්පාවට, කෝපයට, වෙහෙසට පත් වුණාම ඔයාට හිමින් කතා කරන්න. ” it’s going to be ok. We are going to be ok” කියලා ඔයාටම කියාගන්න.
ඔයාට දැනෙන හැඟීම් ප්‍රතික්ෂේප කිරීමෙන් වළකින්න. ඔයාට දැනෙන හැඟීම්වලට විනිශ්චය කිරීමෙන් තොරව මතුවෙන්න ඉඩ දෙන්න. ඒවා ගැන කල්පනා කරන්න. සංවාද කරන්න. අඳුරගන්න.
මේ විදිහට සුවවීම කියන්නෙ බරපතල කාරණාවක් නෙමෙයි. හෙමින් සුවය වෙත ඇවිද යන්න අපිට පුළුවන්.
තුවාලලත් අතීතයකට ඉඩදෙන්න එපා ඔබේ වර්තමානය පාලනය කරන්න!
සුබ සතියක් !
සටහන: ආචාර්ය නිකොල් ලෙපෙරා
අනුවාදය: ෂෙනූ පෙරේරා