සජබ විරෝධතාවයට විශාල ජනතාවක් කොළඹට

සමගි ජන බලවේගය “රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් සංවිධානය කර ඇති විරෝධතාවයට මේ වනවිටත් විශාල ජනතාවක් කොළඹ නගර‍යට ඇතුල්වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන සජබ නියෝජිතයෙකු පැවසූවේ මේ වනවිට බස් රථ 1500ක් පමණ කොළඹ බලා නෙක ප්‍රදේශවල සිට ධාවනය වෙමින් තිබෙන බවයි.

මෙම පා ගමන පිළිබඳව සිය ෆේස්බුක් ගිනුම හරහා අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියාසිටින්නේ පස්වරු 1ට මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිටින් සහ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ වෙන බවය.

Social Sharing
නවතම