ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වී මරණ දඬුවම ලබාසිටි ඒ. ජී. පෙරාරිවාලන්ට (A G Perarivalan) ඇප ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
පෙරාරිවාලන් පුරා වසර තිහක් (30) සිරදඬුවම් විඳ ඇති බැවින් ඇප ලබාදෙන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.
ඉන්දිය අගමැති රජීව් ගාන්ධි ඝාතනය වූයේ 1991 මැයි 21 වැනිදාය. රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට පත්වන විට වයස අවුරුදු 19 කි.
පෙරාරිවාලන්ට 1999 මැයි මාසයේදී මරණ දඬුවම නියමවී තිබුණත් 2014 දී එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත්කර තිබේ.
කෙසේ නමුත් මේ චූදිතයාට ඇප ලබාදීම සම්බන්ධව නීතිපතිවරයා දැඩි විරෝධය පළකර ඇත.
රජීව් ගාන්ධි ඝාතනය වූ මරාගෙන මැරෙන බෝම්බ පටියට සවිකර තිබූ බැටරිය මිලදී ගෙන තිබුණේ මොහු විසිනි.
2018 වසරේදී පෙරාරිවාලන් ඇතුළු චූදිතයන් නිදහස් කරන ලෙස තමිල්නාඩු රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.