අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානය

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි කරන මෙන් ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් එම ඉල්ලීම කරන්නේ ජිනීවා නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරිය වන දයානි මෙන්ඩිස් මාර්ගයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමුකරමිනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද 30/12 යෝජනාව ප්‍රකාර ක්‍රියාවට නැගෙමින් තිබෙන ක්‍රියාදාමයෙන් ඉවත්වීමට…

Read More

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද?

පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ නඩුවේ ප්‍රධාන සැකකරුවෙක් ය. ඔහු ජූලි 10 දා කොළඹ මහාධිකරණ පරීශ්‍රයට එන්නේ එම නඩු විභාගය සඳහා සහභාගී වීමට ය. එම නඩුවට කළින් තවත් වැදගත් නඩු විභාගයක් පැවතී ඇත. ඒ මවුබිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් ප්‍රමුඛ විත්තිකරුවන් 4 දෙනෙකුට විරුද්ධව පැවති ‘රාඩා’ නඩු විභාගයයි. මවුබිම මාධ්‍යවේදියාට බලහත්කාරය පා ඔහුව පොලිස් පෝස්ට් එක තුළට ඇදගෙන ගොස් කැමරාවේ…

Read More

මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම – වික්ටර් අයිවන්

දැන් ලංකාව තිබෙන්නේ විධිමත් ව්‍යවස්ථාවක් නැති අවුල්සහගත තත්ත්වයකය. දෙවන ජනරජ ව්‍යවස්ථාව තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙළෙසීම් නිසා ප‍්‍රයෝජනයට ගත නොහැකි වැරහැලි තත්ත්වයකය. ව්‍යවස්ථාව හදා ගැනීම අත්‍යවශ්‍ය වුවත් එය හදා ගත යුතුව තිබෙන්නේ පරණ යල් පැනගිය ක‍්‍රමයට නොවේ. පරණ යල්පැනගිය ක‍්‍රමය ලෙස සැලකිය හැක්කේ ව්‍යවස්ථා සම්පාදනය ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන්ට සීමාකළ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රමයටය. මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදන ව්‍යවස්ථා සම්පාදනයේ නූතන මාදිලියයි. එම මාදිලිය තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අතිරේකව මහජනතාවටද ව්‍යවස්ථා සම්පාදනයට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ විය හැකිය. ආණ්ඩුක‍්‍රමයේ ඇතිකර ගන්නා වෙනසකට සීමා නොවී සමස්ත ක‍්‍රමයේ පූර්ණ වෙනසක් ඇතිකර ගත හැක්කේ ද ඒ ක‍්‍රමටය.…

Read More

නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි

බොහෝ විද්‍යාඥයින් මාස ගණනාවක් තිස්සේ පැවසූ දේ වඩ වඩාත් සනාථ කරමින් ලොව පුරා රටවල් ගණනාවකදීම දැන් භයානක නව කොරෝනා වයිරස ආසාදන පොකුරු බිහිවෙමින් තිබේ. එය නව ගොදුරු සොයා ගනිමින් සිටින්නේ බාර් සහ ආපනශාලා, කාර්යාල, වෙළඳපල සහ කැසිනෝ යනාදී වාතය අභ්‍යන්තරව සංසරණය වන පරිශ්‍රයන්හිදීය. මේ පිළිබඳව රටවල් ගණනාවන විද්‍යාඥායින් විසින් විවෟත ලිපියක් මගින් ප්‍රකාශ කර ඇත්තේ නව කොරෝන වයිරසය හුදෙක් කෙළ බිදිති මගින් පමණක් නොව ඉතා කුඩා අංශු මගින් වාතය හරහා ද සම්ප්‍රේශණය වන බවයි. වයිරසය ගොඩනැඟිලක් තුළ වාතයේ රැදී පවතින විට  අසල සිටින අයට ආසාදනය වන්නේ ඉතා කුඩා අංශු වාතය…

Read More

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය  හා ජනප්‍රිය දේශපාලනය

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය හා ජනප්‍රිය දේශපාලනය

  ශ්‍රී ලංකාව නිදහසින් පසු අත්පත් කර ගෙන ඇති දේශපාලනය බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපයක් ගනී. බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ද මානව වංශික අනන්‍යතා මත පදනම් වූ ගැඹුරට ම බෙදී ගිය සිංහල බෞද්ධ ජනයාගේ හෙජමොනි තත්ත්වයක් අත්පත් කර ඇති දේශපාලන ක්‍රියාවලියක් ලෙස අර්ථකතනය කළ හැකිය. මෙවැනි තත්ත්වයක් තුළ මැතිවරණවලදී වාර්ගිකත්වය මත පදනම් වූ දේශපාලනය වර්ධනයවීමක් දේශපාලන ඉතිහාසය පුරාම දැකිය හැකිය. නමුත් මෙරට මැතිවරණ ඉතිහාසය දෙස බැලිමේ දී 2015 දී වෙනසක් බලාපොරොත්තුවීම හෝ වෙනසක් කිරීමට පොරොන්දුදීම තුළින් ඡන්දදායක චර්යාව වෙනසකට ලක් කිරීමක් (මධ්‍යම පාන්තික ඡන්ද) දැකිය හැකිය. ගැඹුරකට බෙදී ගිය මානව වංශික අනන්‍යතා සහිත සමාජ…

Read More

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.

2020 ජූලි පළමු වෙනි දින. ස්ථානය. කොටුව දුම්රිය ස්ථානය. අද ප්‍රසන්න අයියා කෝල් එකක් දුන්නා දවල්. මට ඒක මිස් වුනා. මම නැවත ප්‍රසන්න අයියට කෝල් කරනකොට මම හිටියේ කොටුව ස්ටේෂන් එකේ. නුවර යන්න කෝච්චිය ගන්න. ඔහු දැනුම් දුන්නේ දුක්මුසු ආරංචියක්. ඒ ප්‍රසන්න අයියාගේ අම්මා ගැන. මා දන්නා මව්වරුන් අතර ප්‍රසන්න අයියාගේ අම්මා නිහඩවම අපේ ජීවිතවලට බලපෑම් කළ කෙනෙක්. අපේ අම්මා ඇරුණම ඇයගේ ස්වරූපයත් කාරුණිකව කනට පමණක් ඇසෙන ලෙස කතා කරන වදනත් ඇයට අප ආකර්ශනය කළා. ඒ වගේම ඇයගේ මතකය අවසාන කාලය වනතුරුත් හරිම ශක්තිමත්. ඒ නිසාම ඇය සමුගැනීම වේදනාවක්. ඇය…

Read More

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම් – පිලිප් දිසානායක

පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි. මෙම නඩුවේ පැමිණිල්ල වුයේ  හිටපු හමුදා සෙබලෙකු වූ දොන් සමන්ත පෙරේරාය. ඔහු හෙට්ටිපොල පොලීසියේ දී  උඩ ඒල්ලා අමානුෂික ලෙස පහරදීම, නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම හා නීති විරෝධී ලෙස රදවා තබා ගැනීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් අදාල පොලිස් නිළධාරීන්ට ඒරෙහිව නඩු පවරා තිබුනි. ඒම චෝදනා පිළිගත් ශ්‍රේෂ්ඨාධිකණය අදාල පැමිණිලිකරැගේ මුලික අයිතිවාසිකම්…

Read More

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු

ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ වඩා සාධනීය වර්ධනයන්, ඒවා නැතිවුනායින් පසු කල්පනා කිරීම වැඩක් නැති වැඩක් යැයි කාට හෝ සිතුනහොත් එහිද සාධාරණත්වයක් ඇත. එසේ උවත් වැරදුනු තැන් හදුනා ගැනීම් තුලින් අනාගතයේ වැඩි සාධනීය වර්ධනයන් මිනිසුන් විසින් අත්පත් කර ගත හැකි බව සෑම මිනිස් ක‍්‍රියාකාරීත්වයක් තුලින්ම පිළිබිඹු වේ. ඒ අනුව වැරදුනු තැන් සොයා බැලීම නිශ්ඵල ක‍්‍රියාවක් නොව්. ඉතිහාසයේ තවත් පාඩමක් නම් යම් ගැටලූ මිනිසුන් හදුනා ගැනීමත්, ඒවා නිරාකරණය කර ගැනීමත් අතර බොහෝ විට එක්තරා කාලයක් ගතවන බවය. මුලින් තදබලව ලෙස යම් ප‍්‍රශ්ණ පිළිබදව හිතටගත් සමහරුන් ඒ පිළිබදව ක්ෂණික විසදුමක් සොයා ගැනීමට කර…

Read More

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්

ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ අර්බුදය තිබෙන්නේ උපරිම මට්ටමකට ජරාජීර්ණ වී කුණුවූ තත්ත්වයකට පත්ව පරණ ක්‍රමය තුළ අණ්ඩ දමා විසඳාගත නොහැකි තත්ත්වයක වුවද එම යථාර්ථය තේරුම් ගැනීමට පරණ ක්‍රමයට අනුගතවී සිටින දේශපාලකයින් සේ ම සමාජයද සමත් වී නැත. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂයට ලොකු මැතිවරණ ජයක් හිමිකර ගැනීමට හැකිවෙතොත් ලංකාවේ අර්බුදයට අදාළ චිත්‍රයේ යහපත් වෙනසක් ඇතිකිරීමට හේතුවේද? නැතහොත් දේශපාලන ප්‍රාතිහාර්යයක් වැනි දෙයක් නිසා විරුද්ධ පක්ෂයට වැඩි බලයක් හිමිකර ගැනීමට හැකිවෙතොත් අදාළ චිත්‍රයේ යහපත් වෙනසක්…

Read More

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? – නීතිඥ දුලාන් දසනායක

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? - නීතිඥ දුලාන් දසනායක

නාරාහේන්පිට පොලිසියේ පොලිස් සිර මැදිරියේ සැකකරු ගෙල වැල ලා ගන්නා තුරු පැය විසි හතරම සේවය කරන බව කියන පොලිස් ස්ථානයේ නිලධාරීන් හිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇතැයි නීතිඥ දුලාන් පෙරේරා මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වදහිංසාවන්ට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් (26) දින දහවල් කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුව වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණි. මෙහිදි තවදුරටත් අදහස් දැක් වු නීතිඥ දුලාන් දසනායක මහතා මෙසේ පැවසුවේය. “අද වදහිංසාවන්ට පාත්‍රවුවන්ට සහාය දැක්වීමේ ජත්‍යන්තර දිනය. ඒ වුනාට අද අපට පළමුවෙන්ම…

Read More