ආදිවාසීන් විසින් ලංකාවට දායාද කල මහා උරුමය – බැසිල් ප්‍රනාන්දු

ආදිවාසීන් කිසිදු සංස්කෘතික උරුමයක් ලංකාවට එකතුකර නැත යන පදනම මත ලංකාෙව් ඉතිහාසය බොහෝදුරට ලියවී ඇත. එහෙත් ලංකාෙව් ආදිවාසීන් ජීවත් වූ කාලය, ඉන්පසු ඇති වූ කාලයට වඩා ඉතා ගැඹුරු සාධනීය සාධකයන් ලංකාෙව් සංස්කෘතියට උරුමකර දී ඇති බව ඉතා පැහැදිලිව පෙන්නුම් කල හැකිය.

මෙවනි සුලු ලිපියකින් එම කාර්ය කල නොහැකි නමුත් කෙටියෙන් එම බලපෑම සිදු වූ ආකාරය පෙන්නුම් කල හැකිය.

ආදිවාසී යුගය පුරාම පවතින්නේ පරිසර හිතකාමී පැවැත්මක් හා චින්තන ක‍්‍රමයකි. එම කාලය තුල ස්වභාවධර්මය හෝ ශ‍්‍රමය සූරා කෑම තුලින් ධනය එකතු කිරීම පිළිබද සංකල්පය නොපැවතින. එසේ පැවතීමට හේතුවක් තිබුනේද නැත. කෙටියෙන් කීවොත් ධනය යනු පසු කාලීනව ඇතිවූ සමාජ පැවැත්මක් තුලින් ජනිත වූ අදහසකි.

ආදිවාසීහු ජීවත් වූ පරිසරය කැලෑ පරිසරයයි. එම පරිසරය තුල ජීවත් වීමට ඔවුහු දැන පුරුද්දක් ඇති කරගෙන තිබුනේය. එම දැන පුරුදුකම වර්ධනය වුනේ ඉතා දීර්ඝ කාලයක් ඔස්සේය. එය කොපමණ අවුරුදු ලක්ෂයක් හෝ ඊට වැඩි කාලයක් බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී ඇත. කෙසේ උවත් ඔවුහු බොහෝ කාලයක් ලාංකීය පරිසරය තුල ජීවත් වූ බවත්, එම පරිසරය ප‍්‍රයෝජනයට ගත් පළමු වන මනුෂ්‍ය වර්ගයා (Homo Sapiens) ඔවුන් බවත් පැවසිය හැකිය.

ඔවුහු එදිනෙදා ජීවිතයේ අවශ්‍යයතාවයන් සදහා තමන්ගේ පරිසරයේ තිබුනු දේ ප‍්‍රයෝජනයට ගත්හ. දඩයම ඔවුන්ගේ මූලික පැවතුම් ක‍්‍රමයක් විය. මේ නිසාම අනවශ්‍යය ආකාරයෙන් දඩයම් කිරීමේ පුරුද්දක් ඔවුන් තුල පැවතුනේ නැත. ඇත්තෙන්ම ඒ ආකාරයෙන් හිතුවක්කාර ලෙස දඩයම් කිරීම මගින් තමන්ගේ පැවැත්මට තර්ජනයක් වන බව ඔවුහු දැන සිටියහ. පුද්ගල හා සාමූහික පැවැත්ම එකිනෙකින් වෙනස්කල නොහැකි බව ඔවුහු දැන සිටියහ.

වැඩිහිටි ආදිවාසීන්ගෙන් ජීවිතය පිළිබද ඉගෙන ගැනීම මේ කාලයේදී පැවති අධ්‍යාපන ක‍්‍රමය විය. පාසල් පදනම් වී හෝ අකුරු ලිවීම, ගණන් හැදීම ආදිය පදනම් වූ අධ්‍යාපන ක‍්‍රමයක් නොවීය. එවැනි අධ්‍යාපන ක‍්‍රමයක අවශ්‍යතාවයක්වත් පැවතුනේ නැත.  එකිනෙකාට කිට්ටුවෙන් ජීවත් වූ ඔවුහු ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීම සදහා නොයෙක් සද්ද නැගීම් වලට පුරුදු වූ අතර එම සද්ද මාලා මගින් ඔවුන්ට අවේණික වූ භාෂාවක් නිර්මාණය කර ගත්හ. එම භාෂාව ලිඛිත භාෂාවක් වීමේ අවශ්‍යතාවය පැවතුනේ නැත.

ඇත්තෙන්ම පෙනී යන්නේ ඔවුන් අතර පැවති මූලික අදහස් හුවමාරු කිරීම වූයේ ඉරියව් මගින් යැයි සිතාගත හැකිය. දඩයෙම් යෑෙම්දී හෝ, මී පැණි එකතු කිරීෙම්දී හෝ එවැනි කටයුතු වල යෙදුනු ආදිවාසීන්, ඒ ඒ අවස්ථාෙව්දී කල යුතු දේ ඉරියව් මගින් එකිනෙකාට පෙන්වා දීම හා ඒ ආකාරයෙන් පෙන්වූ දේ අනෙකා විසින් හදුනා ගැනීම එතරම් අමාරු කාර්යක් නොවන්නට ඇත.

දඩයම් කල යුතු සතෙක් ලගපාත ඉන්නවාද යන්න එකිනෙකාට ඉරියව් මගින් පෙන්වීම කල හැකි වුවා පමණක් නොව එය දඩයම් මාර්ගයක් වී තිබෙන්නට ඇතැයිද සිතිය හැකිය. මන්දයත් සතෙකු දඩයම් කිරීමට උත්සාහ කරන ආදිවාසී කණ්ඩායමක් එය දඩයමට ලක්වීමට යන සතාට නොතේරෙන සේ කල යුතු විය. ශබ්ද මාර්ගයෙන් කතා කිරීමට පෙළබෙන්නේ නම් එම ශබ්ද ඔස්සේ තමන්ට අනතුරක් ඇතැයි සංඥාවක් ලබන සතා පැන යාමට ඇති ඉඩ කඩ බොහෝය.

මෙය ඇත්තෙන්ම විවිධ සත්ව වර්ගයන් අතරද දැක ගත හැකිය. වතුර බීමට එන මුවන්ව හෝ ඌරන් වැනි සතුන් අල්ලා ගැනීමෙන් තම ආහාරය සපයා ගන්නා කිඹුලා දියේ සැගවී සිටින්නේ කිසිවෙකුට නොදැනෙන ආකාරයෙනි.

ඉතා සුලුවෙන් පවා යම් ප‍්‍රාණියෙක් වතුෙර් සැගවී සිටින්නේය යන්න ජලය පානය කිරීමට එන සතෙක් දැන ගතහොත් එම සතා එතනින් ජලය පානය කිරීමෙන් වැලකී සිටී. ස්වභාව ධර්මය තුලින් තම අවශ්‍යතාවයන් ඉටුකර ගත හැකි වූ ආදිවාසීන් ස්වභාව ධර්මයේ වෙනත් සතුන් හා වෙනත් ජීවීන් පමණක් නොව ගහ කොළ පවා ඇති වෙන නැති වෙන ආකාරයන් ඉතා හොදින් දැන ගෙන සිටින්නට ඇති බව ලෙහෙසියෙන් තේරුම් ගත හැකි කරුණකි.

ආදිවාසී ජනතාවගේ යුගයේදී සංවිධානාත්මකව ගොවිතැන් කිරීම පටන්ගෙන තිබුනේ නැත. මෙයින් අදහස් කරන්නේ ඔවුන් යම් පැල හා බෝග වගා නොකලාය යන්න නොෙව්. එයින් අදහස් වන්නේ සංවිධානාත්මකව මෙම කටයුත්තේ නියලුනේ නැති බවත්, එය ඔවුන්ගේ සමාජ සංවිධානය තුල කිසියම් වර්ගීකරණයන් ඇති කිරීමට තුඩු නුදුන් බවත්ය.

ගොවි යුගය පටන් ගැනීමත් සමගම ඉඩම යන සංකල්පය අත්‍යාවශයෙන්ම පැන නැග්ගේය. යම් අයෙකු නොකඩවා වගා කිරීමට නම් එසේ වගා කරන බිම් කොටස ඔවුන් සතුවිය යුතු ෙව්. ඉඩම නැමති සංකල්පය ඇති වීමත් සමගම ජන සමාජයේ සංවිධාන රටාව මුලු මනින්ම  වෙනස් ස්වභාවයක් ගනී.

සවභාවධර්මය තව දුරටත් සියලු දෙනා පොදුෙව් බුක්ති විදින ස්ථානයක් ලෙස හදුනා ගැනීම ඉඩම පදනම් වූ සංස්කෘතියක් තුල විශාල වෙනසකට භාජනය කරයි. පොදු දේපළක් තුල කාටත් එහා මෙහා යාෙම් අවසරය ඇත. එමෙන්ම තමන්ට අවශ්‍යය ප‍්‍රමාණයකට ගහකින් ඵලයක් කඩා ගැනීෙම්දී එය කාට උවත් කල හැකි දෙයක් සේ පවතී.

එහෙත් ඉඩම යන සංකල්පය ඇති වීමත් සමග එහි කෙරෙන වගාවන් ඉඩෙම් අයිතිකරුවනට පමණක් අයිති වේ. මෙම නිසා ඉඩම පමණක් නොව ඉඩෙම් කරන වගාවද ඒවායෙන් ලැබෙන ඵලයද ආදී සියල්ලම පුද්ගල පදනමක් මත විකාශනය වේ. ඉඩම යන සංකල්පයට සමාන්තරව මායිම යන අදහසද මුල් බැස ගනී. පසුව මායිම් වෙන්කර ගැනීම සිදු වේ.

ගොවිතැන තවත් ඉහල අවධියකට යන අතර ඇති වන්නේ වඩා බලවත් ඉඩම් හිමියන් ඇති වීමය.

තමන්ගේ බල පුලූවන්කාර කමින් වැඩි බිම් ප‍්‍රමාණයක් අල්ලා ගැනීමට හැකි වූ තැනැත්තා එය තමා සතු දේපලක් බවට පත් කරගනී. මේ ආකාරයට ඉඩම මගින් පුද්ගලික ඓතිවාසිකම ඇති කරනවා පමණක් නොව එය තුලින්ම ඉඩම් හිමියන් අතරම වර්ගීකරණයක් ඇති ෙව්. බල පුලූවම්කාර කමින් වැඩි ප‍්‍රදේශයක් හිමිකර ගත් වුවන් හා එසේ කිරීමට බැරිවූ අය අතර විශාල වෙනසක් පැන නගියි. විශාල ඉඩම් හිමියන් හා සුලු ඉඩම් හිමියන් ලෙස කොටස් දෙකක් නිර්මාණය වේ.

මෙය තවත් ඉදිරියට යන්නේ විශාල බිම් කොටසක් හිමි කරගත් ඉඩම් හිමියන්ට ඒවා තමන් විසින්ම වගා කිරීමට ඇති නොහැකියාව නිසාය.  ඔවුන්ගේ දේපළ විශාල වන තරමටම ඒවායේ සේවය කිරීම සදහා මිනිසුන්ද අවශ්‍යය වේ. මෙසේ මිනිසුන් වෙනත් අයගේ ඉඩම් වල වැඩ කිරීමට එකග වන්නේ් ඔවුන්ටම තමන්ගේ යැයි වගා කර ගත හැකි ඉඩම් නොතිබෙනතාක් දුරට පමණය. තමන්ගේ ඉඩමක් තුල තමන්ගේ යැපීම සදහා දේ නිර්මාණය කර ගැනීමට හැකියාවක් නැති ගොවියා වෙනත් අයෙකුගේ ගොවිපළක සේවය කරන්නනෙක් බවට පත් වේ.

මේ නිසා ඉඩම් වැඩි පුර හිමි කර ගැනීමට ඇතිකර ගත් බල පුලුවම්කාරකම ඉඩම් යම් අයගෙන් අහිමි කිරීම සදහා උපක‍්‍රමශීලීව කටයුතු කිරීම ඊලග අවධියකදී සිදු වේ. විවිධ මාර්ග වලින් ඉඩම් හිමි නැති කණ්ඩායම් ඇති කරනු ලබයි. මොවුහු තමන්ගේ යැපීම සදහා වෙනත් අයගේ ඉඩම් වල වැඩ කරයි. එය විවිධ ආකාර වලින් සිදුවන්නට ඇත.

එයින් එක් ආකාරයක් වූයේ අද ගොවි ක‍්‍රමයය. එහිදී යමෙක් වෙනත් අයෙකුගේ ඉඩමක් වගා කර අස් වැන්න ඇති කරන අතර එයින් කොටසක් පමණක් වගා කරන්නාට හිමි වේ. වගාෙවේ නොයෙදෙන හිමියාට ඉන් කොටසක් හිමි වේ. මෙහි තවත් පළල් වීමක් නම් වහලුන් හෝ ඊට සමාන තත්වයක සේවකයන් ඇති වීමය. මෙහිදී සිදු වන්නේ අර්ධ මානවයන් හෝ මුලු මනින්ම අමනුෂ්‍යයන් සේ සලකන කොටසක් ඇති වීමය.

බොහෝවිට මෙය ඉෙබ්ම කර ගත නොහැකිය. ෙම් නිසාවටම විවිධ ආකාරයෙන් ඉඩම් වල වැඩ කරන්නන්ට දඩුවම් කිරීම්, හිරිහැර කිරීම් ආදිය අවශ්‍යය ෙව්. එය මිනිස් ස්වභාවය සමග කරන අරගලයක් නිසා මෙම ප‍්‍රචන්ඩත්වය යොදා ගැනීම නොවැලැක්විය හැකිය. තම ශ‍්‍රමය යොදා ඉඩමක වැඩ කරන්නෙකු එම තමන් නිර්මාණය කරන අස්වැන්නට ඇති අයිතිය නිකම්ම අතහැර දමන්නේ නැත. ඔහු ලව්වා එසේ කරවා ගැනීම සදහා විවිදාකාර වශයෙන් ප‍්‍රචන්ඩත්වය වර්ධනය කර ගැනීම ස්වාවිකවම මෙන් සිදු වන දෙයකි. මෙම සිදුවීම එක්තරා අවධියකදී විවිධ මතවාද හා සමාජ දර්ශනවාද ඇති කිරීමට සමත් ෙව්.

ඉඩම් හිමි බව තහවුරු කිරීම සදහා විවිධ මතවාදයන් ඇති කරවන අතරම ඉඩම් නැතිවීම පිළිබදව විවිධ දර්ශණවාදයන් ඇති කරනු ලබයි. මේ අනුව විවිධ ආගමික මතවාදයන් පවා වර්ධනය විය හැකිය. ගැඹුරු දර්ශණවාදීන් අතර කරුමය පිළිබදව පවතින අදහස් වලට වෙනස්ව, සමාජය තුල එම අදහස වර්ධනය වන්නේ ඉඩම් හිමියන් අතීතයේදී කරන ලද යහපත් ක‍්‍රියා නිසා දේපොළ හිමි කරුවන්වී ඇති බවත්ය. එසේ අතීතයේදී පින් කර නොමැති ඇත්තන් ඉඩම් හිමි කමකින් තොරව ඉපදුනු ඇත්තන් සේ හුවා දක්වන දර්ශණවාදයන් පැන නගී.

මෙය තවත් ගැඹුරු අවදියකට පැමිනෙන්නේ ඉතා විශාල ප‍්‍රමාණයක ඉඩම් අයිති කරගත් කණ්ඩායම් ඇතිවීමත් සමගය. ඔවුන්ට එම ඉඩම් වලින් ඵල ලබා ගැනීමට හැකි වන්නේ ඒවායේ වැඩ කිරීමට විශාල කණ්ඩායමක් සිටිනවා නම් පමනි. එය ඉෙබ්ම ඇති නොවන හෙයින් විවිධ සමාජ ක‍්‍රම තුලින් මෙය ඇති කරනු ලබයි. දකුණු ආසියාෙව් මුල් යුගයේ මෙම ක‍්‍රමය ඇති කරන ලද්දේ කුල ක‍්‍රමය ඔස්සේය. ඉහලම කුලය ගොවි කුලය යන්නනෙන් සදහන් කිරීම ලංකාෙව් දකින්නට හැකිය. එනම් විශාල වශයෙන් ඉඩම් හිමි කරගත් අය සමාජයේ ඉහල අය ලෙස සලකනු ලැබීම මේ ආකාරයෙන් සිදුවී ඇත. ඉන්දියාෙව් මෙය සිදුවී ඇත්තේ වෙනත් ආකාරයකිනි.

කෙසේ උවත් සමාජය තුල ගැඹුරු වර්ගීකරණයක් ඇති කිරීම, එම වර්ගීකරණය තුල දේපල හිමි බව හා අහිමි බව ඇති කිරීම, දේපළ අහිමි බව හා නැතිකම අතර සමාජ උස්පහත් කම් ඇතිවීමත්, එම උස් පහත් කම් අනුව එකිනෙකාට සැලකීම වෙනස්වීමත් ආදී වශයෙන් විශාල වෙනසක් මිනිස් සමාජය තුල ඇති වේ.

මේ කිසිවක් ආදිවාසී සමාජය තුල පැවතුනේ නැත. ආදිවාසී සමාජය තුල සියලු දේපළ එනම් ඝණ වනාන්තර වල ඔවුන් ජීවිත ගත කලේ කිසියම් වර්ගීකරණයකින් තොරවය. ඔවුන් අතර නායකයන්, ප‍්‍රමුඛයන් ඇති වීම ඉහල දේපළ පැවැත්ම මත ඇති වූවක් නොව විවිධ දක්ෂකම් මත හෝ වෙනත් හේතූන් මත අති වන අතර ඔවුන්ට රජවරුනට මෙන් විශාල වරප‍්‍රසාද ඇති වන්නේ නැත.

ආදිවාසී සමාජය තුල සාමූහිකත්වය පිළිබදව පැවති එම ගැඹුරු සංකල්පය, අංග සම්පූර්ණව මකා දැමීමට පසු කාලීනව සිදු වූ සිද්ධීන්ට නොහැකි වී ඇත. මිනිසුන් මිනිසුන් අතර සම්බන්දයේදී මෙම සාමූහික භාවය තවමත් ලාංකීය සංස්කෘතිය තුල පවතී. එහෙත් සංවිධානය වූ සමාජය තුල එම සාමූහිකත්වය පවතින්නේ නැත. දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සමාජය ගොඩනැගී ඇත්තේ මෙම සාමූහිකත්වයට පටහැනි වූ අදහස් ඔස්සේය. රාජ්‍යය තන්ත‍්‍රයන්, පාලන තන්ත‍්‍රයන් ආදී සියල්ල ගොඩ නැගීෙම්දී ඉහත සදහන් සාමූහිකත්වය ඇති කිරීම සදහා වශයෙන් එය නොපැවතනි.

බොහෝ දුරට සමාජය තුල ඇති වූ විවිධ වෙනස්කම් හා බල පුුලුවම්කාර කම් තහවුරු කිරීමටත්, බෙල හීන වූ කණ්ඩායම් එම තත්වයේම පවත්වාගෙන යාමටත්, පදනම් කරගෙන පසු කාලීන සමාජය සංවිධානය විය.

මේ අනුව ලංකාෙව් ආදිවාසීන්ගෙන් පොදුෙව් ලාංකීය සංස්කෘතිය කෙරෙහි උරුම කර ඇත්තේ අතීශයින්ම සාධනීය වූ  ගුණාංගයන්ය. පරිසරයට අගතියක් නොවන ආකාරයෙන් ස්වභාවධර්මය යොදා ගැනීම හා මිහිතලයෙහි දේපළ බෙදා ගැනීෙම්දී සාමූහිකත්වයක් තිබිය යුතුයි යන අදහස් ආදිවාසී සමාජය තුල ස්වභාවිකව පැවතුන අතර එවනි සමාජයක් දීර්ඝ කාලීනව පැවතීම තුලින් මේ පිළිබදව ගැඹුරු මානසික බලපෑමක් සකල ජනතාව තුලම ඇති වූ බවට සැකයක් නැත.

අතීතය පිළිබද ගැඹුරු මතකයක් මිනිස් මනස තුල පවතී. එය හුදෙක් එක් එක් අයෙකුගේ මතකය පිළිබද නොව, ඊට වඩා ගැඹුරින් සාමූහිකව පවතින තත්වයකි. එම තත්වය අවබෝධ කර ගැනීම තුලින් ආදිවාසී ජනතාව පිළිබදව ලංකාව තුල පවතින අදහස් සාධනීය ආකාරයකින් වෙනස් කර ගත යුතුව ඇත. එසේ ඇති කර ගන්නා අවබෝධය ලාංකීය අනන්‍යතාවය පිළිබදව වටහා ගැනීමට විශාල රුකුලක් වනු ඇත.

බැසිල් ප‍්‍රනාන්දු

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment