ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්

michelle bachalet

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය  පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල් නිරීක්ෂණය සහ සෝදිසි කිරීම, බිය ගැන්වීම සහ අධිකරණ හිරිහැර කිරීම අඛණ්ඩව සිදු වනවා පමණක් නොව, රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරන පුළුල් පරාසයක පිරිස් එනම්, සිසුන්, ශාස්ත්‍රාලිකයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආගමික නායකයින් දක්වා පුළුල් වී තිබීම…

Read More

මානව හිමිකම් වලින් ප්‍රගතියක් ලබා ඇතැයි ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කියයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවේ මූලික කරුණු ශ්‍රි ලංකාව මේ නව විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් පිටු 13 ක ලේඛනයක් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා සිංගර් හම්ඩි මහත්මිය වෙත භාර දී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පහුගිය සැසිවාරයේදි කියා තිබුණේ ශ්‍රි ලංකාව මානව හිමිකම් සම්බන්ධව මූලික කරුණුවත් ඉටු නොකරමින් පවතින බවය. එකී විවේචනයන් පිටුදැකීම සඳහා මෙම ලේඛනය භාර දී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි සැසිවාරයට පෙර දින සකස් කළ පිටු 13කින් යුත් මෙහි දැක්වෙන්නේ සමහර ප්‍රධාන කටයුතු…

Read More