මානව හිමිකම් වලින් ප්‍රගතියක් ලබා ඇතැයි ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කියයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවේ මූලික කරුණු ශ්‍රි ලංකාව මේ නව විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් පිටු 13 ක ලේඛනයක් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා සිංගර් හම්ඩි මහත්මිය වෙත භාර දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පහුගිය සැසිවාරයේදි කියා තිබුණේ ශ්‍රි ලංකාව මානව හිමිකම් සම්බන්ධව මූලික කරුණුවත් ඉටු නොකරමින් පවතින බවය. එකී විවේචනයන් පිටුදැකීම සඳහා මෙම ලේඛනය භාර දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි සැසිවාරයට පෙර දින සකස් කළ පිටු 13කින් යුත් මෙහි දැක්වෙන්නේ සමහර ප්‍රධාන කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව හෝ අවසන් වීමට ආසන්න බවය. කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට මෙන්ම සහ කුරියර් සේවාව මගින් සහ ජිනීවා හි සිටින අයට ද මෙහි පිටපත් ලබා දී ඇත.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය (ඕආර්), සංක්‍රාන්ති යුක්ති උපාය මාර්ගයක් සකස් කිරීම, වගවීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) වැනි දේ සම්බන්දයෙන් මෙහි ඇතුළත් වේ. “වසංගතය කුමන අකාරයෙන් ප්‍රහාර එල්ල කලත්, ශ්‍රී ලංකාව අධිෂ්ඨානශීලීව කටයුතු කරන අතර දේශීය ක්‍රියාවලීන් සහ යාන්ත්‍රණන් තුළින් මානව හිමිකම් ගැටලු පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන බවත් එහි ප්‍රගතියක් ලබා ඇති බවත් මෙහි සටහන් වලින් පෙන්වා දී ඇත.

48 වැනි මානව හිමිකම් කවුන්සිලයේ සැසි සැප්තැම්බර් 13 දා ආරම්භ වන අතර මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මියගේ වාචික ප්‍රකශ යාවත්කාලීන කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් පිළිබඳව සාකච්ඡා කෙරේ. ඇය මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ගැටලු ශක්තිමත් කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

කොමිෂන් සභාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ නඩු විභාග කිහිපයක් ද පැවැත්වූ බව එම වාර්තාවේ සඳහන් වන අතර එම වාර්තාව මඟින් වෙනත් රටවල එවැනි විධිවිධාන වලට අනුකූලව නීතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත් කර ඇත. මෙය කිසි විටක පක්ෂග්‍රාහී නොවන බව රජය සඳහන් කර තිබේ.

ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය සහ එහි වැඩ කටයුතු, තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය, හිටපු එල්ටීටීඊ සිරකරුවන්ට සමාව දීම, අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, හමුදාව විසින් පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම, සිවිල් සමාජය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණය කිරීම සහ වෙනත් ගිවිසුම් බැඳීම් මෙන්ම එක්සත් ජාතීන්ගේ විශේෂ විධි විධාන බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආදී කරුණුද මෙහි ඇතුලත් වේ.

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා  එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක (UNRC) හැනා සිංගර් – හැම්ඩි මහත්මිවය , සැප්තැම්බර් 2 දා කොළඹ විදේශ අමාත්‍යාංශයේ දී හමු වී ඇත. එහිදි මෙම ලේඛන වාර්තාව භාර දීම සිදු කෙරුණි.

ශානි

 

Social Sharing
නවතම