වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර එහිදී නව අගමැතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟවී ඇත. මේ අනුව ජාතික සභාවක් පත් කෙරෙන බව ප්‍රකාශ කරන අතර එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කරන බවද මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්නට නියමිත බව ප්‍රකාශ වෙයි.
Read MoreTag: sri lanka opposition party
වෙච්ච දේත් එක්ක විපක්ෂය ඉදිරි දිනවල කරන්න යන දේ!
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග ජනපති අතර සාකච්ඡා අසාර්ථක වුනේ ඇයි? ශ්රීලනිපය, පක්ෂ 11 එකමුතුව සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම ඇතුළත් මන්ත්‍රීවරු කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මන්ත්‍රී කණ්ඩායම පාර්ශවයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද මූලික ම යෝජනාව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවට රාජපක්ෂවරුන්ගෙන් තොර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය. කෙසේවෙතත්, එම යෝජනාවට ජනාධිපතිවරයා මූලික වශයෙන් ම එකඟ වී නොමැත. ඊට හේතුව ලෙස හෙතෙම දක්වා ඇත්තේ තවමත් පාර්ලිමේන්තුවේ සරළ බහුතරය වන 113 මන්ත්‍රී පිරිසක් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සතුව…
Read Moreශ්රීලනිපය ආණ්ඩුවෙන් කැඩෙන දවස අද?
ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි. මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත් වෙන බව දැනගන්නට ලැබෙන අතර මෙම හමුවේදී සාකච්ඡා වෙන කරුණු මත හවස බොහෝ දුරට ශ්‍රීලනීපය ප්රමුඛ කණ්ඩායම විපක්ෂයට එකතුවෙනු ඇත. මේ අතර ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළේ අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විශේෂ තීරණයක් ගන්නා බවය. ‘විශේෂයෙන්ම හෙට පාර්ලිමේන්තුවට එනවා මීට පෙර සම්මත…
Read Moreවිපතට පත් ජනයා බේරාගන්න අහසින් වැටුණු සජිත්!
සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය විරෝධතාවය දක්වන්නට අවස්ථාවක් ලැබී තිබිණි. එසේ වුව ද, රැලියට සහභාගී වී සිටියේ සමගි ජන බලවේගයේ ම ආධාරකරුවන් බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව එයට පොදු මහජන විරෝධයක තත්ත්වයක් නො වූ බව පෙනෙන්නට තිබේ. මේ ආණ්ඩුවට විරෝධය දක්වන්නට ඉදිරිපත් වන තවත් බොහෝ පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් ගෙන්වන්නට හෝ ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නට හෝ මේ මොහොතේ සමගි ජන…
Read Moreජාතික අපේක්ෂකයෙක් සොයා ගත යුතුයි!
කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ ගැහිලා බලන් හිටියා. සමහරු වීඩියෝ කළා. ‘වීඩියෝ කළාට කමක් නෑ, ඔයාලා අපි හැවෝම වෙනුවෙන් අපි මේ කොළඹ ආවේ’ එක විරෝධතාකරුවෙක් පාර අයිනට වෙලා වීඩියෝ කරන හාදයෙක්ට කියනවා මම අහගෙන. කොල්ලුපිටියේ හන්දියේ විරෝධතා පා ගමන හින්දා ගමන අවහිර වුණ කාර් එකක හිටි නෝනා කෙනෙක්ට වීරෝධතාකරුවෙක් මෙහෙම කියනවා ‘ඔයාලට සුව පහසුව යන්න ඩීසල් පැට්රල් ටික නැති නිසා…
Read Moreආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..
වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙන අතර හෙට 8 වෙනි අගහරුවාදා පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කරන සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රීලනීප නායකත්වය තීරණයකට එනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රීලනීප ආසන සංවිධායකවරුන් තම කැමැත්ත මෙසේ පළ කළත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මේ උචිත…
Read Moreආණ්ඩුව පෙරළා දමන්න සජිත්ගෙන් ට්‍රයි එකක්..
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රට කඩාවැටී ජනජීවිතය අවුලෙන් අවුලට යෑම වැළැක්වීම සඳහා වහාම නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජබ සාකච්ඡාවට පිවිස ඇතැයි වාර්තා වෙයි. පසුගිය 4 දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී හදිස්සියේ පැවතී ඇති අතර එහිදී විමල් වීරවංස සහ උදය ගම්මන්පිළ ඇමති ධුරවලින් ඉවත් කිරීමත් සමග ඇතිවී තිබෙන ආණ්ඩුවේ පිපිරීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. එහිදී මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට හෝ වහාම පාර්ලිමේන්තු ඡන්දයක් ලබාගැනීමට හෝ විපක්ෂය උත්සාහ දැරිය යුතු…
Read Moreචන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත. මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා මේ වනවිට දේශපාලන නායකයෝ බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්න අතරේ ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිහැඬියාවට හේතුව මෙයදැයි ප්‍රශ්නයක් බව එම විචාරකයින්ගේ මතයයි. මෙවැනි වටපිටාවක හෙට 14දා හවස 03ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාවේදී චන්ද්‍රිකා මැතිනියගේ ජීවිතය අලලා රචිත ‘චන්ද්‍රිකා’ නම් කෘතිය එළිදැක්වෙන අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු…
Read Moreආණ්ඩුව දෙකඩ වෙයි!
වර්තමාන ආණ්ඩුව දෙකඩ කරමින් ශ්‍රීලනීපය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එකතුවීමට ස්ථිර වශයෙන් තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය නිළ වශයෙන් මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඒ අනුව නව පාර්ලිමේන්තු සභා වාරයේදී ඔවුන් විපක්ෂයේ අසුන් ගනු ඇත. මේ අතර පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ශ්‍රීලනීපය සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්න යැයි ඉල්ලා ඇති බව දැනගන්නට ලැබෙන අතර යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ශ්රීලනීපයට අමාත්‍ය ධුර නොදී ඉන්නයැයි ඉල්ලීමක්…
Read Moreකැබිනට් වෙනසට කළින් ශ්‍රීලනීපය විපක්ෂයට…
හෙට අනිද්දාට කරන්නට යනවා කියන කැබිනට් මණ්ඩල සංශෝධනයට ප්‍රථම ශ්‍රීලනීපය නිළවශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සාකච්ඡා කරමින් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්රීලනීපයේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනා සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා ඇමති තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැතිරයන කටකතා පිළිබඳව එම පක්ෂයේ ජේෂ්ඨයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එම තත්ත්වය පිළිබඳව ශ්‍රීලනීප නායකයාගේ අවධානය යොමුවී ඇති බවයි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න වැනි අයගේ අදහස වී ඇත්තේ කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමීමට ප්‍රථම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම ශ්රීලනීපයට වාසිදායක බව යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් කැබිනට් සංශෝධනයට ප්‍රථම ශ්රීලනීපයේ…
Read More