සුවිශාල පවුල් ගසක් නඩත්තු කළ සුහර්තෝ…

Suharto President of Indonesia dictatorship countries Dictators

1997 වසරේදී Transparency International සංවිධානය ලොව වඩාත්ම දූෂිත රාජ්‍ය පාලකයන් දස දෙනාගේ නම් ඇතුලත් ලැයිස්තුවක් එලි දැක්වීය. මේ ලයිස්තුවේ ඉහලින්ම සිටියේ එවකට ඉන්දුනීසියාවේ පාලනය හෙබවූ සුහර්තෝය. එම වාර්තාවට අනුව ඒ වන විට දශක තුනක් රට පාලනය කොට සිටි ඔහුගේ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 15-35 අතර ප්‍රමාණයක් විය. මෙය එරට සමස්ථ ආර්ථිකයට දැනෙන කොටසක් විය. නාමිකව හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටක ආර්ථිකයෙන් පංගුවක් සොරා ගැනීම පහසු වැඩක් නොවේ. ඊට යම් කලාත්මක නිපුනතාවයක්ද අවශ්‍යය. සුහර්තෝ ඉතා දැඩි පාලනයක් ගෙන ගියද තම පාලන කාලයෙන් වැඩි කොටසක් තුලදී ඉතාම ජනප්‍රිය නායකයකු විය. ඔහු…

Read More

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය

land grabbing politicle situation in sri lanka

භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ  අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත. දේපළ අයිතිය යන්න මූලිකව භෞතික  වශයෙන් පවතින හෝ බුද්ධිමය වශයෙන් පවතින හෝ කොටස් දෙකක් ලෙස හඳුනාගැනෙයි. භූමිපුත්‍ර සංකල්පය යටතේ  වැඩි අවධානයක් යොමුවන භූමිය හා ප්‍රාග්ධනය, ගෙවල්, වාහන, කර්මාන්ත ශාලා, පොත්පත්, සතුන් ආදිය භෞතික දේපළ වශයෙනුත් නව සොයාගැනීම් අදහස් සහ වචන ආදිය බුද්ධිමය දේපළ වශයෙනුත්…

Read More

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත!

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත ! - ගාමිණී වියන්ගොඩ

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ බිම් මට්ටමේ පරීක්ෂණ සිදු කරමින් සිටි දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක් සිටියේය. ඔහු, නිශාන්ත ද සිල්වා ය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හදිසි නියෝගයක් ප්‍රකාරව, වහා ක්‍රියාත්මක වන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීගමුව පොලිස් ස්ථානයට ඔහුව මාරු කෙරුණි. ඒ කාලයේ ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණි. පැය 24 ක්…

Read More

පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.

Political movements in sri lanka

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග…

Read More