මුලතිව් “නිදර්ශනා” ජාත්‍යන්තර බොක්සින් වළල්ලට

Yogarasa Nidarshana Boxing Champion mullaitivu district

යුද්ධයෙන් අවතැන්, දුගී බවෙන් පීඩිත ජනතාවක් වෙසෙන මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වෙන බොක්සිං ශුරිය යෝගරාසා නිදර්ශනා ජාත්‍යන්තර තරගාවලියකට සුදුසුකම් ලබා තිබේ. ‘ජාත්‍යන්තර තරඟයකට යන්න තරම් අපේ පවුලට වත්කමක් නැහැ. එහෙත් මගේ ඉලක්කය කොහොම හරි රන් පදක්කමක් දිනා ගෙන ආසියානු බොක්සිං තරඟාවලියට සුදුසුකම් ලබන්න,’ යැයි ලබන 26 වැනිදා ඩුබායි හි පැවැත්වෙන කිලෝග්‍රෑම් 48-50 බර පංතිය බොක්සිං ඉසව්වට සහභාගිවීමේ වරම් ලබා සිටින යෝගරාසා නිදර්ශනා අපේක්‍ෂා සහගතව පවසන්නීය. මුලතිව් දිස්ත්‍රික්කයෙන් ජගත් බොක්සින් වළල්ලට ගොඩවන දෙවැනි මුෂ්ටි ප්‍රහාරිකාව ඇය යි. 2015 වසරේ මහනුවර පැවති ජාතික බොක්සිං තරඟාවලියෙදී රන් පදක්කමක් දිනා ගත් ඇය එය වසර පහක් පුරා…

Read More

ඉහළ යන බඩු මිලට එරෙහිව උතුරේ විරෝධතා

protest

දරාගත නොහැකි ආකාරයෙන් දිනෙන් දින ඉහළ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙලන ලෙස රජයට බල කරමින්  මුලතිව්හි  ජනයා  විරෝධතාවයක ඊයේ (11) නිරත විය. ප්‍රාදේශිය දේශපාලනඥයන්ගේද සහභාගීත්වයෙන් පුදුකුඩිඉරිප්පු නගරයේ සිට ප්‍රදේශිය සභාව දක්වා විරෝධතා පා ගමනින් පැමිනි ජනතාව ආණ්ඩුවට බල කර සිටියේ වහාම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමා ජනතාවට සහන ලබා දීමට  කටයුතු කරන ලෙසයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අසීමිත ලෙස ඉහළ යෑම නිසා තමන්ට ජීවත්වීම අතිශය අසිරු තත්වයක පවතින බව ඔවුන් අවධාරණය කර තිබේ. බැනර සහ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් පා ගමනේ ගිය  විරෝධතාකරුවන් හිස් ගෑස් සිලින්ඩර් පටවාගත් කරත්තයක්ද සිය…

Read More

උපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය.

මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත් වූයේ නැත. යුද්ධය නිමාවී වසර තුනක් පමණ කල් ගත වූ කළ ජෝසප් දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරට සමු දුන්නේ නැවතත් තමන් උපන් රටට පැමිණෙන්ට වරම් ලැබීම පිළිබදව වූ අප්‍රමාණ සතුටකිනි. ලංකා ආණ්ඩුවෙන් සකස් කර දෙන ලද ගුවන් බලපත්‍රයෙන් කටුනායකට පැමිණි ජෝසප් තමන්ට හුරු පුරුදු නැවුම් සුළගින් පපුව පුරවා ගත්තේය. එදා නැවුම් බලාපොරොත්තු රැසක් සමඟ මෙරටට පැමිණි…

Read More