මුලතිව් “නිදර්ශනා” ජාත්‍යන්තර බොක්සින් වළල්ලට

යුද්ධයෙන් අවතැන්, දුගී බවෙන් පීඩිත ජනතාවක් වෙසෙන මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වෙන බොක්සිං ශුරිය යෝගරාසා නිදර්ශනා ජාත්‍යන්තර තරගාවලියකට සුදුසුකම් ලබා තිබේ.

‘ජාත්‍යන්තර තරඟයකට යන්න තරම් අපේ පවුලට වත්කමක් නැහැ. එහෙත් මගේ ඉලක්කය කොහොම හරි රන් පදක්කමක් දිනා ගෙන ආසියානු බොක්සිං තරඟාවලියට සුදුසුකම් ලබන්න,’ යැයි ලබන 26 වැනිදා ඩුබායි හි පැවැත්වෙන කිලෝග්‍රෑම් 48-50 බර පංතිය බොක්සිං ඉසව්වට සහභාගිවීමේ වරම් ලබා සිටින යෝගරාසා නිදර්ශනා අපේක්‍ෂා සහගතව පවසන්නීය.

Yogarasa Nidarshana Boxing Champion mullaitivu districtYogarasa Nidarshana Boxing Champion mullaitivu districtYogarasa Nidarshana Boxing Champion mullaitivu districtYogarasa Nidarshana Boxing Champion mullaitivu districtYogarasa Nidarshana Boxing Champion mullaitivu district

මුලතිව් දිස්ත්‍රික්කයෙන් ජගත් බොක්සින් වළල්ලට ගොඩවන දෙවැනි මුෂ්ටි ප්‍රහාරිකාව ඇය යි. 2015 වසරේ මහනුවර පැවති ජාතික බොක්සිං තරඟාවලියෙදී රන් පදක්කමක් දිනා ගත් ඇය එය වසර පහක් පුරා රැක ගැනීමට ද සමත් වුවාය. දශක ගණනාවක් පුරා යුද්දයෙන් පීඩාවට පත් පුදුකුඩිඉරිප්පු, මරදමඩු,කයිවේලි ගම්මානයේ දුගී බවින් පෙලෙන පවුලක සාමාජිකාවක් වූ නිදර්ශනාට ඩුබායි තරගාවලියට එක් වීමට තමිල් පේරවෙයි නම් සංවිධානයක් අනුග්‍රහය දක්වා තිබේ.

Yogarasa Nidarshana Boxing Champion mullaitivu district
යෝගරාසා නිදර්ශනා

‘කවුරුත් මට ඩුබායි තරඟෙට යන්න උදව් නොකරන තත්වයක් නිසා මගේ පාසල වුණු පුදුකුඩිඉරිප්පු සෙන්ට්‍රල් කොලේජ් එකේ විදුහල්පතිතුමාට කිව්වහම එතුමා තමිල් පේරවෙයි මට හොයලා දුන්නා. ඔවුන් හැම මොහොතේම මාව දිරිමත් කරනවා. කොහොම හරි රන් පදක්කමක් දිනලා මම මුලතිව් පුදුකුඩිඉරිප්පු වලට ගෞරවයක් ගේනවා,’ යැයි නිදර්ශනා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය.

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන ජාත්‍යන්තර බොක්සිං තරඟාවලියකට ද සහභාගීවීමට අපේක්‍ෂා කරන ඇය වවුනියාවේ මැක්ස් බොක්සිං පුහුණු පාසැලෙන් බිහිවූ දීප්තිමත් බොක්සිං ශුරියකි.

‘බොක්සිං ක්‍රීඩාවට අවශ්‍ය කිසිම පහසුකමක් මුලතිව් දිස්ත්‍රිකයේ නැහැ. පුහුණු වෙන්න වවුනියාවටම එන්න ඕනේ. මම වගේම තවත් ගොඩක් අය ඉන්නවා අඩුපාඩුකම් නිසා දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න අවස්තාවක් නැතිව’ ‍යැයි ඇය පවසන්නේ ඒ වෙනුවෙන් ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.

මුලතිව් කරිපද්දමුරිප්පු රජයේ දෙමළ විද්‍යාලයේ ගනේෂා ඉන්දිකාදේවි පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති මුෂ්ටි ප්‍රහාර තරගාවලියකින් රන් පදක්කමක් දිනා ගැනීමට පසුගිය දා සමත්වූවාය.

Social Sharing
නවතම