උරුතිරපුරම් ශිවන් කෝවිලේ කැණීම් කරනවාට විරුද්ධ ඇයි? – සිවාජිලංගම් හෙළි කරයි!

Uruthirapuram Sivan Kovil M K Shivajilingam

කිලිනොච්චිය, උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටා තිබෙන ශිවන් කෝවිල පිහිටි ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ යම් මතභේදාත්මක තත්ත්වයකි. ඒ කෝවිල පිහිටි ස්ථානයේ පැරණි බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීම නිසාය. LTTE ත්‍රස්ත ගහණය පැවති සමයේ පවා මෙම ස්ථානයේ ඉපැරණි බෞද්ධ නටබුන් ඇති බව පැවසුණි. නමුත් එකල ඒවා කැණිම් කිරීමක් සිදු වුයේ නැත. නමුත් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සුදානමින් සිටින්නේ මෙහි කැනීම් කිරිමටය. නමුත් මෙයට උතුරේ දේශපාලඥයින් විරුද්ධ වී සිටියි. මේ සම්බන්ධව අප දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජීලිංගම් මහතාගෙන් විමසා සිටියෙමු. එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නකි. මේ…

Read More

මඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු තැබූ දහයක් රිමාන්ඩ්

Ten remanded for commemorating Mullivaikkal in Batticaloa

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ. දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු ඉකුත් මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී. නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති. අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.…

Read More

ප්‍රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය!

Velupillai Prabhakaran and Rajapaksa family politics in sri lanka

‘ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ’ මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදී නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ ගෙවාදමමින් ඉන්න කාලය මේ ප්‍රකාශ දෙකෙන් හොඳටම පැහැදිලි කරනවා කියලා. 2005 ජනාධිපතිවරණ සටනට මහින්ද රාජපක්ෂ ඔසවාගෙන ආපු සටන් මූලිකයෝ බොහෝ දෙනෙක් දැන් ඔහු සමග නැහැ, වීමල් වීරවංශ වගේ කෙනෙක් හැරුණාම. අපි කවුරුත් දන්නවා 2005 මහින්දාගමනයට පාර කැපුනේ කොහොමද කියලා. උතුරේ ඡන්ද වර්ජනය එහෙම මතක් වෙනවා. රනිල් වික්‍රමසිංහ නූලෙන් පරාජයට පත්වෙනවා. චන්ද්‍රිකා ගේ පාලන කාලය අස්සේ…

Read More

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!

Sri Lankan Civil War missing persons in sri lanka may 18

ඇගේ පුතනුවන් අතුරුදහන් වූයේ දොළොස් අවුරුද්දකට ඉහතදීය. ඒ යුද හමුදාවේ කැඳවීම අදහා වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය. “එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත් තේරෙන සිංහලෙන් එසේ අසන්නේ දේවානි අම්මාය. පුතාගේ අතුරුදහන්වීමෙන්ද,  සැමියාගේ මරණයෙන්ද  පසු සුදාහරන් දේවානි මාතාවගේ තනියට ගෙදර ඉන්නේ විශේෂ අවශ්‍යතා  සහිත දුව පමණකි. ඊසානදිග මුහුදු වෙරල තීරයේ කුලී වැඩ කරමින් දියණියද ජීවත් කරවන්නට වීරිය දරන ඕ වියපත්ය, දුක්පත්ය. සකල ජීවන පීඩා මැද්දේ වුවද එදා සිට අද දක්වාම සටන් වැද සිටින ඇය තම පුත්‍ර රත්නය ඉන්නා තැනක්…

Read More

යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!

mullivaikkal memorial monumen jaffna university

යුද්ධයෙන් මියගිය  දෙමළ ජනයා  අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව  අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසිනි. මලින් සහ ආලෝකයෙන් පුද පූජා පවත්වා අභිනව මුල්ලිවයික්කාල් ස්මාරකය විවෘත කිරීමෙන් පසු අදහස් දක්වමින් ශිෂ්‍ය සංගම් නායකයා අවධාරණය කර සිටියේ මෙම ස්මාරකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහජනතාව, ඩයස්පෝරා සාමාජිකයන්, මුස්ලිම් ප්‍රජාව, විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු බොහෝ දෙනෙක් සහාය ලබා දුන් බවයි. මෙම ස්මාරකය තුළින් දෙමළ ජනයාගේ  පැවැත්ම සහ  ඔවුන්  අත්විඳි දුක්ඛිත අත්දැකීම් නිරූපණය වන බවත් ඔහු…

Read More

මගේ අවනඩුව කියන්න කෙනෙක් නැහැ – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

sudarshini fernandopulle jeyaraj fernandopulle death

තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් තමන්ට වගේම ත්‍රස්තවාදය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයො, දරුවො, ඥාතීන් අහිමිවුනු පිරිස් ගණනාවක් සිටින නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න මානව හිමිකම් කතාකරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබදව කණගාටුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කර සිටියේ  වැලිවේරිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය අභියස පැවැති හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වන ගුණානුස්මරණ අවස්ථාවට එක්වෙමිනි. 2008 අප්‍රේල් මස 07 දා වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනයේ පැවති ගම්පහ අවුරුදු වසන්ත උදානයේ…

Read More

තැලෙන්න තැලෙන්න මුවහත් වන ASP එරික් පෙරේරා

ASP Eric Perera Minister Arundika Fernando

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඔහු ඒ තරමට රටේ ජනප්‍රිය තරුවක් විය. ජනප්‍රිය තරුවක් ලෙස නොව පාගා විසිකළ රූකඩයක් සේ වෙන්නප්පුව ප්‍රදේශයෙන් තුරන් කිරිමට මේ රටේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ක්‍රියා කළද අවසානයේ ඔහුගේ දහම් ගැටය එරික් පෙරේරාගේ වාසනාව ගෙන ආවේය. ශ්‍රී ලංකා පොලීසියේ කොන්ද පණ ඇති නිලධාරියෙකු තවමත් සිටින බව මේ වන විට සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ඔප්පු කර හමාරය. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මේ වන විට එරික් පෙරේරා සමඟ පසුවන්නේ දැඩි ආරෝවෙන්ය. ඒ රාජ්‍ය ඇමතිවරයාගේ ගෝලයින් විසින් සිදු කරගෙන යන ලද…

Read More

මානව හිමිකම් මහකොමසාරිස්වරිය යම් බලපෑමකට යටත් වෙලා!

The High Commissioner for Human Rights has come under pressure Michelle Bachelet

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා තියනවා යැයි හෙළ රණවිරු බලමුළුවේ සංවිධායක හා නාමල් තිලකරත්න පදනමේ නිර්මාතෘ විශ්‍රාමික ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා පැවසුවේය. මේ මස 22දා සිට මාර්තු මස 19දා දක්වා පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමේ 46 වැන සැසිවාරයට පෙර  එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල්…

Read More

අතුරුදහන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය ඉල්ලා දෙමළ අම්මාවරු විරෝධයේ!

disappeared in sri lanka

වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය  ආරම්භ වී ඇත්තේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කොට අවුරුදු හතරක් පිරෙන 20 සෙනසුරාදා උදෑසන නමයටයි. කිලිනොච්චියේ ගණදෙවි කෝවිල අසලින් ආරම්භ වුනු පා ගමන A9 මාර්ගය ඔස්සේ ගමන් කොට කන්දසාමි කෝවිල අසලින් නිමාවී තිබේ. රට තුල ඉටු නොවන යුක්තිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස විරෝධතාකාරියෝ සටන් පාඨ හඬ…

Read More

දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය

Keheliya Rambukwella tna members covid vaccine

මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා  කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ යුධ සමයේ දී යුධ හමුදා සෙබළුන්ට ඔවුන් දුන් පීඩාව සිහිපත් වීමෙන් නිසා විය යුතු යැයි මහනුවර අනිවත්තේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විනය ගරුක පිරිසක් වන නමුත් ත්‍රස්තවාදී යුද සමයේ ලැබූ අත්දැකීම් හේතුවෙන් කොරෝනා එන්නත…

Read More