සුරේන් රාඝවන්ට ස්ටාලීන් දෙහි කපයි!

Read More

ගුරු සංගම් නායකයකුට නැගෙනහිරදී තර්ජන!

Teacher union leader threatened in East

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ ගේ අනුගාමිකයන් පිරිසක් විසින් දෙසැම්බර් 6 වැනි සදුදා මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් ට එරෙහිව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කළ බව ලංකා ගුරු සංගමය පවසයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්  චෝදනා කරන්නේ  25 දෙනකුගෙන් පමණ සමන්විත පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ මැර පිරිසක් විසින් උදෑසන දරුවන් පාසලට පැමිණීමේදී ඔවුන්ට පාසලට ඇතුළුවීමට නොහැකි වන සේ පාසලේ ගේට්ටුව වසාදමා මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර, මේ හේතුවෙන් අද දින ශිවානන්ද විදුහලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම කඩාකප්පල් වී ඇති බවයි. ජෝසප් ස්ටාලින් ජ්‍යෙෂ්ඨ ගුරු…

Read More

තර්ජන වලට බයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නේ නැහැ – අමාත්‍ය ජී.එල්.පීරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40ක් පමණ පැරණි පනතක් බවත් එම පනත හකුළා ගැනීමට රජය කටයුතු නොකරන බවත් තර්ජන වලට බයේ එම නීති හකුළා නොගන්නා බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. නමුත් එහි යම් යම් සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු දෙනා දැනුම්වත් කරන බවද අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමිනි. රටේ ආත්මගරුත්වය ආරක්ෂා කර ගනිමින් විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන බව ද රජය ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් සියලු දෙනා දැනුම්වත් කර ඔවුන්ගේ තොරතුර ලබා ගන්නා බවද ඔහු එහිදි…

Read More

ශ්‍රි ලංකාව සියළු දෙනාටම එක හා සමානව සලකන බව විදේශ ඇමති OIC මහ ලේකම්ට කියයි.

GL piries

ශ්‍රී ලංකාව සියළු දෙනාටම තම සම්ප්‍රදායන් හා සංස්කෘතීන් එක හා සමානව හා කිසිදු භේදයකින් හෝ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන රටක් බව විදේශ අමාත්‍ය පීරිස් මහතා පවසයි. නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ 76 වන සැසිවාරයේ ඉහළ පෙළේ කොටසට පෙර පැවති රැස්වීමක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා  සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල්-ඔතායිමීන් මහතා අනන්‍යතාවය ආරක්ෂා කිරීමත් සමඟ ප්‍රජාවන් අතර ඒකාබද්ධ වීමේ සාධනීය ප්‍රතිඵල පිළිබඳව යළි අවධාරණය කළහ. මේ වසර මුලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති දුරකථන…

Read More

මානව හිමිකම් වලින් ප්‍රගතියක් ලබා ඇතැයි ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කියයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවේ මූලික කරුණු ශ්‍රි ලංකාව මේ නව විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් පිටු 13 ක ලේඛනයක් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා සිංගර් හම්ඩි මහත්මිය වෙත භාර දී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පහුගිය සැසිවාරයේදි කියා තිබුණේ ශ්‍රි ලංකාව මානව හිමිකම් සම්බන්ධව මූලික කරුණුවත් ඉටු නොකරමින් පවතින බවය. එකී විවේචනයන් පිටුදැකීම සඳහා මෙම ලේඛනය භාර දී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි සැසිවාරයට පෙර දින සකස් කළ පිටු 13කින් යුත් මෙහි දැක්වෙන්නේ සමහර ප්‍රධාන කටයුතු…

Read More

“පාසල් දහසක්” ව්‍යාපෘතියෙන් කුඩා පාසල් වැසී යාමේ අනතුරක

Thousand Schools Programme education sri lanka ceylon teachers union

වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති මොහොතක පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ  ආණ්ඩුවේ වැඩ පිළිවෙල නිසා  සෙසු පාසල්වලට ස්වභාවික මරණයක් අත්වනු ඇති බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවා තිබේ. මාරාන්තික  වසංගත ව්‍යාප්තිය තුළ මේ වන විට  ලංකාවේ පාසල් අධ්‍යාපනය මුළුමනින් ම අඩාල වී ඇති අතර, බරපතල ගැටලූ ගණනාවකට අධ්‍යාපනය මුහුණ පා සිටී. ඒ අතර පාසල් නැවත විවෘත කිරීම, පාසල් ළමුන්ගෙන් සියයට හැටකට  පමණ අධ්‍යාපනය ලැබීමේ විකල්ප ක‍්‍රමවේදයක් නොමැතිවීම, ජාතික විභාග පැවැත්වීම, 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීෂක්ණ සිදු කිරීමට නොහැකි වීම තුළ ප‍්‍රතිඵල…

Read More

‘ළඟම පාසල හොඳම පාසල’ අතහැරීමෙන් මුදල් අවභාවිතාවක්! – ලංකා ගුරු සංගමය

Government education projects ceylon teachers union

පාසල් සංවර්ධනය සදහා පසුගිය රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීමෙන්  මහජනතාවගේ බදු  මුදල් අවභාවිත කර ඇති බවට වර්තමාන රජයට චෝදනා එල්ලවී තිබේ. “රජයන් වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති නතර කිරීම හෝ අතහැර දැමීම මහජන මුදල් අවභාවිත කිරීමකි,” යි විසින් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. පාසල් සංවර්ධනයේ ප‍්‍රධාන අංගයක් ලෙස පසුගිය රජය විසින් ‘ළඟම පාසල හොඳම පාසල’ නමින්  ව්‍යාපෘතියක් දියත් කර තිබුනි. ලංකා ගුරු සංගමය පෙන්වා දෙන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා පැවැති රජය රුපියල් මිලියන 64950 ක් වෙන් කර තිබේ. එමගින් පාසල් 9063…

Read More

දේවි බාලිකාව වෙනුවෙන් දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පෙරට එයි!

Devi Balika Protection Front Cabinet paper

කොළඹ දේවි බාලිකා විද්‍යාලය පිලිබඳ මේ වන විට රටේ කතාබහක් මතුව ඇත. ඒ විද්‍යාලයේ අපොස උසස්පෙල විද්‍යා හා ගණිත අතිරේක අංශයක් නුගේගොඩ, උඩහමුල්ල ශ්‍රී විජයාරාම විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට කටයුතු කිරීම පිලිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඊට අනු කමිටුවක් පත් කිරීමත් සමඟිනි. දේවි බාලිකා විද්‍යාලය වසර 60 ක් පමණ අතීතයකට හිමිකම් කියයි. 1953 වසරේදී කාසල් වීදියේදි කාන්තා විදුහල නමින් දේශබන්දු විමලා ද සිල්වා මහත්මිය විසින් ආරම්භ කළ මෙම විද්‍යාලය අද වන විට ලංකාවේ ජනප්‍රිය පාසල් සමූහය අතරින් එකකි. මේ වන විට ප්‍රකට ව්‍යාපාරික DP Education පදනමේ සභාපති ධම්මික පෙරේරා මහතා…

Read More

කාදිනල්ට ගුරුවරුන්ගෙනුත් දෝස්මුරයක්!

Cardinal Malcolm Ranjith ceylon teachers union easter sunday attack

පාස්කු බෝම්බ ප්‍රහාරය දේශපාලන බලය ශක්තිමත් කරගැනීම සඳහා ගසන ලද්දක් යයි කරන ලද ප්‍රකාශයක් ආපසු හැරවීමට උත්සාහ දැරීම නිසා උභාතොකොටිකයකට මැදි වී සිටින මැල්කම් රංජිත් කාදිනල්වරයා පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධයකට මුහුණ දී සිටී. කතෝලික පාසල් අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් ප‍්‍රකාශ  කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් විධිමත් අවසරයක් ලබාගැනීමෙන් තොරව බව දිවයිනේ ප්‍රමුඛ ගුරු සංගමයක් අනාවරණය කර තිබේ. ලංකාවේ පාසල් වර්ගීකරණයට අනුව කතෝලික පාසල් යනුවෙන් පාසල් වර්ගයක් නැති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා…

Read More