පාස්කු නිර්දේශ ගැන ආණ්ඩුව මත දෙකක?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු  බොහෝම පැහැදිලි හා කඩිනමින් කරන බව ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරන බවත්, මෙය යටපත් කිරීමට හෝ සැඟවීමට අප රජයට කිසිම කාරණයක් නොමැති බවත්  වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සිදු වුවෙත්, ජනාධිපති කොමිෂන් සභා ස්ථාපනය කරනු ලැබුවේත් පසුගිය යහපාලන ආණ්ඩුව බව නැවත නැවත සිහිපත් කරන බවත්, ඒ සම්බන්ධයෙන් වත්මන් රජය කිසිදු මැදිහත්විමක් සිදු නොවූ බවත් එසේම පසුගිය රජය විසින් පත් කරනු ලැබු ජනාධිපති කොමිෂන් සභා ස්වාධීනව පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කළ බවත්, ඒ පරික්ෂණ වාර්තාව ඉතාමත් කෙටි කාලයක් තුළදී ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර නීතිපතිවරයාට ලබා දෙමින් අනෙකුත් ආගමික නායකයින්ට ලබා දීමට කටයුතු කළ බවද ඔහු කියා සිටියි.

එසේම පසුගිය යහපාලන රාජ්‍ය ආරක්ෂාව හා රාජ්‍ය පාලනය බිඳ වැටිම පිළිබඳව නැවත නැවත සඳහන් වන බවත්, එම රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටි සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් වග විය යුතු බවත්, බොහෝම පැහැදිලිවම එම කමිටු වාර්තාවේ ඒ බව සඳහන් වන බවද  ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. ඒ් මෙම මාධ්‍ය හමුවේදී විමසු පැනයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුයේ  කොමිෂන් සභා වාර්තාවල අඩංගු වන්නේ නිර්දේශ පමණක් බව බවත්, ලංකා ඉතිහාසයේ කවරදාකවත් කිසිම ජනාධිපති කොමිෂන්  වාර්තාවල අඩංගු සියලු නිර්දේශ ක්‍රියාත්මක නොවු බවත්ය.

එසේම මෙම නිර්දේශ කොටස් දෙකක් බවත්, එකක්, නීතිමය නිර්දේශ හා දේශපාලන හා සමාජමය නිර්දේශ බවත් නීතිමය නිර්දේශයන්ට අනුව යම් අයෙක්ට නඩු පවරන්න  යැයි නිර්දේශ කර තිබුන හොත් එය අනිවාර්යයෙන් නීතිපතිවරයා වෙත යොමු කර බවත්, ඒ තැනැත්තාට එරෙහිව නඩු පවරනවාද, නැද්ද යන කාරණය හුදෙක්ම නීතිපතිවරයාගේ තීරණයක් මිස එයට වෙනත් කිසිම කෙනෙකුට මැදිහත් නොවන බවට ඔවුන් වගබලා ගන්නා  ගන්නා බව සඳහන් කළේය.

අනිකුත් කාරණා සම්බන්ධයෙන් ජනාධිපති අනුකමිටුව විසින් මෙම අනිකුත් නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ද? යන්න මෙන් ම ක්‍රියාත්මක කළ හැකි නම් ඒවා ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද? යන්න කියන එක සොයා බලා ඉදිරියේ ජනාධිපතිවරයාට එම වාර්තාව ද ලබා දෙන බවද ඔහු වැඩිදරටත් සඳහන් කර තිබුණි.

නමුත් අද (09) පුවත් කිහිපයක් වාර්තා කර තිබුණේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කළ ප්‍රකාශයකි. ඒ් පාස්කු කොමිසම දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු බවත් බොදුබල සේනා සංවිධානය තහනම් කිරීම සුදුසු නැති බවත්ය.

බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමෙන් හොඳක් වේ යැයි විශ්වාස නොකරන බවද ඔහු ප්‍රකාශ කර තිබු බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

මේ අතර පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

මේබව  ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වන දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබුණි.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

-ශානි-

Social Sharing
නවතම