තර්ජන වලට බයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නේ නැහැ – අමාත්‍ය ජී.එල්.පීරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40ක් පමණ පැරණි පනතක් බවත් එම පනත හකුළා ගැනීමට රජය කටයුතු නොකරන බවත් තර්ජන වලට බයේ එම නීති හකුළා නොගන්නා බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

නමුත් එහි යම් යම් සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු දෙනා දැනුම්වත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමිනි.

රටේ ආත්මගරුත්වය ආරක්ෂා කර ගනිමින් විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන බව ද රජය ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් සියලු දෙනා දැනුම්වත් කර ඔවුන්ගේ තොරතුර ලබා ගන්නා බවද ඔහු එහිදි කීහ.

ජාත්‍යන්තර අධිකරණයට ගොස් ශ්‍රී ලංකාව වැරදිකරුවන් කිරීමට ගෙන යන විශේෂ යාන්ත්‍රණයට රජය විරුද්ධ වන බව අවධාරණය කරන අමාත්‍යවරයා පවසන්නේ රජය සෑම විටම මේ රටේ ආත්මගරුත්වය සහ තේජස ආරක්ෂා කරගනිමින් කටයුතු කරන බවත් රටෙඋ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි පටු ආකල්ප වලින් තොර ජාතික දෘෂ්ඨිකෝණයකින් බලන ලෙසය.

 

Social Sharing
නවතම