ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් ‌දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!

deshabandu-tennakoon-human-rights-commission

ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු විසින් දෙදෙනෙකු විසින් ගෝල්ෆේස් වටරවුමේදී කඳුලු ගෑස් සහ ජලප්‍රහාර එල්ල කිරීම වැළකූ බවට මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වලක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි. ඒ අනුව තමන්…

Read More

ගෝඨාගෝ ගමට ගැහීමේ පරීක්ෂණ හොරාගේ අම්මාට භාරදීම..!

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ආවේය. ඇවිත් පසුගිය 09 වෙනිදා සිදුවීමට අදාළ අපරාධ සාක්ෂි එකතු කළේය. ඊට සමාන්තරව උසාවිය මෙම සිදුවීමට අදාළ මහින්ද රාජපක්ෂගේ සිට පුද්ගලයින් රැසකගේ ගුවන් ගමන් තහනම් කර ඇත. දැන් අපිට හරි සතුටුය. එහෙත් මේ සිදුවෙමින් පවතින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල අධ්‍යක්ෂනය කරන නාට්‍යක්‍ ය. පහතින් මම ලියන්නේ ඒ නාට්‍යයේ ස්භාවයයි. සීඅයිඩී පරීක්ෂණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ලා හිටපු සීඅයිඩීයට මොකද්ද වුණේ යන්න අපි සියල්ලෝම දනිති. දැන් එහි රජකරන්නේ රාජපක්ෂ පවුලේ හිතවතුන් ය. වර්තමාන සීඅයිඩී…

Read More

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන

Ruwan Wijewardene attack on journalist Tharindu Jayawardhana

සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධනට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඊයේ  දින (04) නිවේදනයක් නිකුත් කරමිනි. ඔහු ඒ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කරන මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන් පසුගිය කාලය පුරාම රාජ්‍ය තන්ත්‍රය වෙතින් හා උසස් පොලිස් නිලධාරීන් ගේ දෝෂදර්ශනයට ලක්වූ ආකාරයත්, ඔවුන්ට වක්‍රාකාරයෙන් තර්ජනය කරන ආකාරයත් නිරීක්ෂණය වූ බවය. එම නිසා මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට නිදහසේ අදහස් ප්‍රකාශ…

Read More

මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?

DIG Deshabandu Tennakoon threatens journalist Tharindu Jayawardena

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක ප්‍රතිචාරය දැක්වීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් මඟින් දන්වා ඇත. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් ඉකුත් ජුලි 01 දා චන්ද්‍රිකා – මහින්ද – මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන සැලසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී! යන මැයෙන් ලිපියක් ලියා එය www.MediaLK.com වෙබ් අඩවියේ පළ කිරිමෙන් පසු තරිඳුගේ මුහුණු පොතේ දමා තිබුණි. මෙම ලිපියෙන් පෙන්වා දී තිබුණේ ශානි අබේසේකර මහතා විසින් සිදු කළ විමර්ශන සම්බන්ධවය. මෙම ලිපියට…

Read More

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්…

Western Province leads in suspect deaths in police operations

2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ  ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින් සිටි හිමි නමකට වැදී උන් වහන්සේ අපවත් වීමේ කණගාටුදායක පුවතය. හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අණ නොතකා ධාවනය කරමින් සිටි යතුරු පැදිකරුවෙකු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව තිබෙන අතර එම අවස්ථාවේ එක් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති අතර ඒ…

Read More