දේශබන්දුට දින 14ක නිවාඩුවක්!

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) සිට දින 14ක් නිවාඩු බව පොලිස්පතිවරයා දැනුන් දී ඇත.

මෙම දැනුවත් කිරීමට අනුව නියෝජ්‍ය පොලිස්පති ඩී ජේ පලිහක්කාර ඉහත තනතුරේ දින 14ක කාලයක් සඳහා රාජකාරි ආවරණය කරන්නට පත්කර ඇත.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිටියදී මෙම රාජකාරි ආවරණය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කළේ ඇයි දැයි පොලීසිය ඇතුලතින්ම කසුකුසුවක් ඇසෙයි.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැයි 09 දා සිදුවීමේ ප්‍රධාන චූදිතයෙක් ය. නිසි ලෙස එදින පොලීසිය මෙහෙයුවේ නැති බව සහ පොහොට්ටු ආධාරකරුවන්ට ගෝල්ෆේස් අරගල භූමියට එන්නට උදව් කළා යන්න ඔහුට විරුද්ධව නැඟෙන ප්‍රධාන චෝදනාවයි.

එහෙත් දේශබන්දු තෙන්නකෝන් තවම අත්අඩංගුවට ගන්නට සීඅයිඩීයට හැකිවී නැත. එයට ප්‍රධානම හේතුව ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා බව දැනගන්නට ලැබේ.

DIG Deshabandu Tennakoon on leave for 14 days

-කේ. සංජීව-

Social Sharing
නවතම