බස් රථ වලට සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් කණ්ඩායමක්

බස් රථවල කාන්තා හා ළමා හිංසන මැඩලීමට ආවේක්ෂණ කැමරා සහිතව සිවිල් ඇදුමෙන් සැරසුණු විශේෂ පොලිස් නිලධාරින් අද(07) සිට යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ උපදෙස් පරිදිය.

පොලිස් ළමා නියෝජ්‍ය පොලිස්පතිවරිය මේ බව සඳහන් කළේ කොළඹ බැස්ටියන් මාවතේ බස් රථ නැවතුම්පොළ නිරීක්ෂණයට එක් වූ අවස්ථාවේදීය.

මේ අනුව ඉදිරියේදී ළමා හා කාන්තාවන්ට සිදුවන හිංසන පිළිබඳව දැඩිව නීතිය ක්‍රියා කිරීමට කටයුතු කරන බවත් එයට බස් රථවල ගමන් කරන මගීන්ගේ, බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ද සහයෝගය ලබා දිය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරිය වැඩි දුරටත් අවධාරණය කළේය.

Social Sharing
නවතම පුවත්