වැඩබලන පොලිස්පතිට එරෙහිව තවත් නඩුවක් විභාගයට අවසර.

A case against Deshabandu Tennakoon

දේශබන්දුට තවත් නඩුවක් විභාගයට 2022 අගෝස්තු 27 වැනිදා වැල්ලම්පිටියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට පොලිසිය පහරදීම නතර කිරීමට මැදිහත්වූ නීතිඥවරයෙකුට වධහිංසා පමුණුවා  අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කළා.

යසන්ත කෝදාගොඩ, කුමුදුණී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූවා.

මොහොමඩ් නිබ්රාස් නසීර් නමැති නීතිඥවරයා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වධහිංසාවෙන් වැලැකීමේ මූලික අයිතිවාසිකම, නීතිය ඉදිරියේ අසමානව සැකීටමන් මිදීමේ මූලික අයිතිවාසිකම ඇතුළු මූලික අයිතිවාසිකම් කිහිපයක් කඩ කළ බව සඳහන් කරමින්ය.

news19.lk

Social Sharing
අවකාශය නවතම