පාස්කු ප්‍රහාරයේ අඩුපාඩු ගැන කාදිනල්ගෙන් ජනාධිපතිට ලිපියක්!

Letter from the Cardinal to the President gotabaya easter attack

පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ  දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ  පවසයි. මේ ප්‍රහාරය සම්බන්ධව සක්‍රීය විමර්ශනයක් අවශ්‍ය බව උන් වහන්සේ දැඩිව කියා සිටියි. අද (13) කොළඹ අගරදගුරුතුමෝ බොරුල්ල අගරදගුරු මැදුරේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියේය. එහිදී ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ පාස්කු ඉරු දින ප්‍රහාරයේ පරික්ෂණ වල වත්මන් තත්ත්වය හා ඒ පිලිබඳ අදහස් හා යෝජනා මෙම ලිපියට ඇතුලත් කිරීම පිලිබඳවය. මෙම ලිපිය ජාතික කතෝලික…

Read More

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”

Adela sampath abduction is the beginning of disappearance Brito Fernando

සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී. ජුනි 25  දින රාත්‍රියේ  නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින් සැරසුණු 20ක පමණ පිරිසක් කිසිදු හේතු දැක්වීමකින් තොරව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ කැදවුම්කරු  අසේල සම්පත්  පැහැර ගෙන ගිය බවට ඔහුගේ පවුලේ ඥාතීහු චෝදනා කරති. ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාවේ සිදුවූ එම බලෙන් රැගෙන යාම සමාජ මාධ්‍ය ඇතුලු මාධ්‍ය ජාලා අවුලුවා ලීමත් සමග ක්‍රියාධරයා තමන් බාරයේ සිටින බව පොලිසිය විසින් අනාවරණය කරන ලදී. පොලිස් මාධ්‍ය  ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ…

Read More

අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ සමාජ මාධ්‍ය වල පළ වූ අසත්‍ය  පුවතකට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Asela Sampath arrested for false news published on social media Police Media Spokesman

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජනබල පවුර සංවිධානයේ විධායක සභික අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය හා යූ ටියුබ් නාලිකා හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි. ඇස්ට්‍රසෙනිකා එන්නත ලංකාවට ගෙන්වීමෙන් පසුව වෙනත් ද්‍රව්‍යයක් කලවම් කර තත්ත්වය බාල කරන බවට අසේල සම්පත් මහතා පහුගිය දිනෙක සමාජ මාධ්‍ය හා යු ටියුබ් නාලිකා ඔස්සේ සමාජ ගත කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යධිකාරිවරයා විසින් අපරාධ…

Read More

අසේල සම්පත් පැහැර ගනියි.

Asela Sampath abducted

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජනබල පවුර සංවිධානයේ විධායක සභික අසේල සම්පත් මහතාව අද (25) සවස සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ නිවසට කඩා වැදී ඒ මහතාව පැහැරගෙන ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. කොට්ටාව, පැලැන්වත්ත පිහිටි ඒ මහතාගේ නිවසට අද සවස සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 20 කු පමණ CID යෙන් බව පවසා  නිවැසියන්ට පහර දී අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් ඇත. පැහැරගත් වාහනයේ අංකය ඔවුන් හඳුනාගෙන ඇති අතර මේ වනතුරුත් (රාත්‍රී 9.30) ඔහුව අපරාධ…

Read More

පර්ල් ගැන තැබු ෆේස්බුක් සටහනට තවත් සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවෙකු අධිකරණයට!

නීතිපති දෙපාර්තමේන්තුව සරසවි බලධාරීයා වෙනුවෙන් ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරයි.

රජය අපහසුතාවයට පත් වන අයුරින් කුමන්ත්‍රණ, වෛරී ප්‍රකාශන සිදු කරන අය සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට පහුගියදා පොලිස් මුලස්ථානය ප්‍රසිද්ධ කර තිබුණි. ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට මෙලෙස පොලිසීය වැට බැඳිමට එරෙහිව පහුගිය දින කිහිපය පුරා විවිධ මාධ්‍ය සංවිධාන මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ එකමුතුවද නිවේදන නිකුත් කර තිබුණි. කෙසේ නමුදු මෙම පසුබිම ඔස්සේ වුවද රජය පෙරලිම සඳහා කටයුතු  කරමින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17) සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ අක්මීමන, තොටගොඩ පදිංචි…

Read More

ශානි යනු කවුද?

Who is shani abeysekera cid sri lanka

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්විණි. නීතිඥ ගෞරි තවරාසා මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු වරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය…

Read More

CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!

CID works illegally committee for protecting rights of prisoners

රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ. අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම්  කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ” කටයුතු කර  තිබෙන බව සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් පවසයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඒ බව සදහන් කළේ ජුනි 16 බදාදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. නීතිඥයා‌ පවසන පරිදි පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් පල්ලේවත්ත ගමගේ  චමින්ද දිල්රුක් යන සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් කර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Read More

“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?

CID influences witnesses in Hijaz Hezbollah case

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත. නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ  හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ…

Read More

ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් සිදු කරන පළිගැනීම් නවත්වන්න!- සිවිල් සංවිධාන රැසක් හඬ නඟයි.

Freedom of expression and the plague in sri lanka

හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්,  මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම සහ ඊට අභියෝග කිරීම පිළිගත යුතු බවත් ඊට ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඔවුන්ගෙන් පළිගැනීම් නොකළ යුතු බවත් සිවිල් සංවිධාන 54 ක් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් 72 කු විසින් කියා සිටියි. ඔවුන් මේ බව කියා ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා…

Read More

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය

Report of the Easter Attack Commission

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…

Read More