පාස්කු ප්‍රහාරයේ අඩුපාඩු ගැන කාදිනල්ගෙන් ජනාධිපතිට ලිපියක්!

පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ  දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ  පවසයි.

මේ ප්‍රහාරය සම්බන්ධව සක්‍රීය විමර්ශනයක් අවශ්‍ය බව උන් වහන්සේ දැඩිව කියා සිටියි. අද (13) කොළඹ අගරදගුරුතුමෝ බොරුල්ල අගරදගුරු මැදුරේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියේය.

එහිදී ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ පාස්කු ඉරු දින ප්‍රහාරයේ පරික්ෂණ වල වත්මන් තත්ත්වය හා ඒ පිලිබඳ අදහස් හා යෝජනා මෙම ලිපියට ඇතුලත් කිරීම පිලිබඳවය.

මෙම ලිපිය ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ කතෝලික රදගුරු මණඩලයේ රදගුරුතුමන්ලා හත්දෙනකු පියතුමන්ලා සහ විද්වතුන් පිරිසක් එක්ව  මෙම වාර්තාව සකස් කළ බවද උන් වහන්සේ පවසයි.

මේ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන උඩින් පල්ලෙන් සිදු කර කිහිප දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඉතුරුවා කාපට් එකක් යට දැමීමට උත්සහ නොකර මෙහි අභිරහස් තැන් පිලිබවඳවද සොයා බැලිය යුතු බව කාදිනල්තුමා කියා සිටියි.

දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන පොලීසියක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක්, දේශපාලන නායකයෝ ඇඟිලි ගසන නීති පද්ධතියක් අවශ්‍ය නොමැති බවද පෙන්වා දෙන උන් වහන්සේ පවසන්නේ ඉදිරි අනාගත පරම්පරාව තකා මේ පිලිබඳ ගැඹුරු විමර්ශනයක් සිදු විය යුතු බවය.

-ශානි-

Social Sharing
නවතම