”මම කිසිම වරදක් කරලා නෑ. මට වෙන්න ඕන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි. මගේ ජීවිතේ නැති උනත් මම සතුටින් බාර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එන චෝදනා තමයි සල්ලි ගත්තා, කාන්තාවන්ට හිරිහැර කළා, පහර දුන්නා වගේ චෝදනා. මම සතුටු වෙනවා මට මේ වෙනකම් එහෙම චෝදනාවක් ඇවිත් නැහැ. මේකෙන් පස්සේ අද හවසට එහෙම චෝදනාවකුත් කරයිද දන්නේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා මෙම අදහස් පැවසුවේ පසුගියදා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි. මගේ වැඩ තහනම් කළාට පසු පොලිස් කොමිෂන් සභාව 2020 අප්‍රේල් මාසයෙදී නිර්දේශ …
Read MoreTag: cid sri lanka
මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ
2010 ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියා, සමාජ ක්‍රියාකාරිකයා පැහැරගෙන ගොස් අතුරුදන් කරලා දාපු දවස. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදාට ප්රගීත්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගෙන අවුරුදු 11ක් වෙනවා. පසුගිය යහපාලනය අවධියේ ප්‍රගීත්ට මොකද්ද වුණේ කියන දේ සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂනයක් කළා. එම විමර්ෂනයට අදාළව ප්‍රගීත්ට මොකද්ද වුණේ? කියන ගැටලුවට, එම උභතෝකෝටිකයට පිළිතුරු ලැබුණා. එහෙත් තවමත් ප්‍රගීත් එක්නැළිගොඩ කියන පුරවැසියාට යුක්තිය ඉටුවෙයි කියන එක පෙනෙන තෙක්මානයකවත් නැහැ. ප්‍රගීත් අතුරුදන් කරලා අවුරුදු 11ක් වුණත් ප්‍රගීත් නාමය ජීවග්රහයෙන් මේ සමාජය මත පවත්වාගෙන යන්නට ඇය තවමත් ශක්තිමත්..!…
Read Moreමහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?
මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත් මේ ගැටුම පිලිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීමහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව නම් පහුගිය දිනෙක අමාත්‍යවරයා වෙත භාර දී තිබුණි. එහිදී පැහැදිලිව සඳහන් කර තිබුණේ රැඳවියන්ගේ ආරක්ෂාව පතා සිදු කළ මෙම උද්ඝෝෂණය සාධාරණ බවය. ඊට හේතු ලෙස සඳහන් කර තිබුණේ රැඳවියන් අතර කොවිඩ් ව්‍යාප්තිය, බන්ධනාගාර තදබදය, ආහාර ගැටළුව, පානීය ජල…
Read Moreපොලිස්පතිගේ නොසැලකිල්ල නිසා මහර ගැටුම ඇති වුවාද?
බන්ධනාගාර ආශ්රිත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (14) වන විට 3,000 සීමාව ඉක්මවා ඇත. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,087 කි. එම පිරිසෙන් 2,414 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර කාන්තා රැඳවියන් ගණන 189 කි. ඒ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඒ අතර වේ. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් 103 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටිති. මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500…
Read Moreඅපගේ නිහඬ බව ගැන සමාවෙන්න ශානි මහත්තයා,
මේ ලිපිය ඔබට ලියන්නේ 2020 නොවැම්බර් මස 28 වෙනි දින. මේ ලිපිය පළවන අවස්ථාව වන විට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මොනව විදියේ ආරංචියක් අපිට ලැබෙයි ද දන්නේ නෑ. ඒ කොහොම වුනත් මේ සියල්ල දරාගෙන ඉන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ රටේ සිටින මේ අයුක්තියට ශාප කරන සියළු මහජනතාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ පපුව ගැහෙන තරම අපි දැනෙනවා. ඔබ නිහඩව දරාගෙන සිටින ප්‍රමාණය අපි දන්නවා. ඒත් මේ වෙලාවේ අපි කරන්න පුළුවන් දේ සීමිතයි. ඒත් සීමිත පිරිසක් වුනත් ඔබගේ ජීවිතය වෙනුවෙන් සටනක් දෙනවා. ඔබ මාව දන්නේ නෑ. මම ඔබව දන්නේ නඩු…
Read More