මිරිහාන සිද්ධිය  CID යට

ඊයේ (31) දින මිරිහාන ජනාධිපති නිවස අසල සිඳු වූ මහජන විරෝධතාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත් වීම ආරම්භ කර ඇත.

එමෙන්ම නුගේගොඩ, ජුබිලි කණුව අසල ඇතිවූ කළහකාරී සිද්ධිය පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

Social Sharing
නවතම