නීතිඥවරුන් පොලීසියට බඳවා ගැනීම පිලිබඳ විරෝධතා!

Recruitment of Attorneys to the Police

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස  පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණේ පහුගිය 11 දාය. නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය යළිඳු වරක් සලකා  බලන ලෙස  ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමාත්‍යවරයාගෙන්  ඉල්ලා ඇත. ඒ, එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමු කරමිනි. මේ වනතෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ විෂය පථය තුළට අදාළ සියළුම නීති…

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.

Lawyers are recruited to the police as Chief Inspectors of Police

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ ඉල්ලීම කර ඇත්තේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසිනි. ඒ අනුව මේ  පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (11) අධිකරණ අමාත්‍යාංශයේදී පැවතුණි. එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්…

Read More

ගන්දර පොලිසීයේ සැකකරුට වෙඩි වැදීම අහඹුවක්ද?

Gandara shoots a suspect inside police station

ගන්දර පොලිසීයේ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවෙකුට ඊයේ (18) සවස 5.30 ට පමණ සිදු වු වෙඩි වැදීමකින් මාතර රෝහලට ඇතුලත් කර තිබේ. මෙසේ වෙඩි වැදී තුවාල වී ඇත්තේ රස්සදෙණිය, මහවත්ත පදිංචි රුවන් ප්‍රියලාල් නැමැති 30 හැවිරිදි පුද්ගලයෙකි. හෙරොයින් මිලි ග්‍රෑම් 100 ක් සමඟ මෙම සැකකරු ඊයේ දින පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (18) සවස ගන්දර පොලිසියේ පොලිස් උප සේවයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයාට සංචාරයකට ගොස් ආපසු ගෙනවිත් භාර දී තිබු පිස්තෝලයක පතොරොම් ඉවත් කිරීමට යාමේදි පිස්තෝලය පත්තු වී සිර මැරිදිරයේ සිටි සැකකරුට වෙඩි වැදුනු බව උප සේවයේ සිටි පොලිස් සැරයන්වරයා…

Read More

නැඟුනේ “සුළු දුමාරයක්” පමණයි! කිසිඳු දේපල හානියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

fire in the Supreme Court complex ajith rohana

කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගත්තේ ඊයේ (15) පස්වරු 4.30 ට පමණය. කළු දුමාරය කොළඹ අහස පුරා පැතිර යද්දී රටේ බොහෝ දෙනෙක් කලබලයට පත් වූයේ එහි ලේඛණාගාරය ගිණි ගෙන ඇති බවටය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගිනි නිවන හමුදාව පැමිණ පැය කිහිපයක් ගත වීමෙන් පසු ගින්න මැඩැපැත්වීමට හැකි විය. ඉන් අනතුරුව එම ස්ථානයට අග විනිසුරුවරයාත්, නීතිපතිවරයාත්, පොලිසීයේ ඉහළ නිලධාරීන් රැසකුත් ගොස් උපරිමාධිකරණ සංකීර්ණය පරීක්ෂා කලහ. එහිදී හෙළි වුයේ මෙම ගින්නෙන් ලේඛණාගාරයට හෝ කිසිඳු අනෙකුත් දේපලකට හානියක් සිදුව නොමැති බවය. මෙම ගින්න හටගෙන තිබුනේ උපරිමාධිකරණ සංකීර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ බිම්මහලේ තිබු…

Read More