ගන්දර පොලිසීයේ සැකකරුට වෙඩි වැදීම අහඹුවක්ද?

ගන්දර පොලිසීයේ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවෙකුට ඊයේ (18) සවස 5.30 ට පමණ සිදු වු වෙඩි වැදීමකින් මාතර රෝහලට ඇතුලත් කර තිබේ.

මෙසේ වෙඩි වැදී තුවාල වී ඇත්තේ රස්සදෙණිය, මහවත්ත පදිංචි රුවන් ප්‍රියලාල් නැමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.

හෙරොයින් මිලි ග්‍රෑම් 100 ක් සමඟ මෙම සැකකරු ඊයේ දින පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (18) සවස ගන්දර පොලිසියේ පොලිස් උප සේවයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයාට සංචාරයකට ගොස් ආපසු ගෙනවිත් භාර දී තිබු පිස්තෝලයක පතොරොම් ඉවත් කිරීමට යාමේදි පිස්තෝලය පත්තු වී සිර මැරිදිරයේ සිටි සැකකරුට වෙඩි වැදුනු බව උප සේවයේ සිටි පොලිස් සැරයන්වරයා ප්‍රකාශ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මෙම වෙඩි වැදීමෙන් එම සැකකරුගේ උදරය ප්‍රදේශය තුවාල වී ඇතැයිද පැවසේ.

කෙසේ නමුදු මෙම වෙඩි තැබීම සාපාරාධිව සිදු කළ ක්‍රියාවක්ද නැතහොත් අහඹු ලෙස සිදු වුවක්ද යන්න සෙවීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පත් කර ඇත.

එමෙන්ම මේ වන විට එම පොලිස් සැරයන්වරයා වැඩ තහනමට ලක් කර මාතර පොලිසියට අනියුක්ත කර ඇත.

ශානිකා/ චන්ද්‍රසේන ගමගේ- තංගල්ල

Social Sharing
නවතම