එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ. අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සිය පුතු නිදහස් නොකොට රදවාගෙන සිටින බවට එක් පියකු චෝදනා කළේ රැඳවියන්ට හිංසා කිරීම වහා නවතනු තේමාව පෙරටු කරගනිමින් ගම්පහ දිසා අධිකරණය ඉදිරිපිට දියත්…
Read MoreTag: ශ්‍රී ලංකාවේ මානව හිමිකම්
ශ්‍රී ලංකා රජයට විරුද්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනා!
යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වූ ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා තිබේ. 1997 සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මිචම් සහ මෝර්ඩන් ආසනය නියෝජනය කරන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශිවෝන් මැක්ඩෝනා, මීලඟ මාර්තු මාසයේ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් ගෙන එන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ප්රබලතම කොන්දේසි ඇතුලත්…
Read Moreඅධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට හැදු මහර බන්ධනාගාර කැරැල්ලේදී රැඳවියන් එකලොස් දෙනාම වෙඩි තියලා මරපු බවට පැහැදිවම තහවුරු වී ඇති බවත්, බන්ධනාගාර ඉහල පුටු දැන් උත්සහ කරන්නේ මෙය සාධාරණීකරණය කිරීමට බව ඔහු පවසයි. පොදු දේපල හානි කල බවට චෝදනා කරමින් මේ වන විට විශාල රැඳවියන් පිරිසකට නඩු පැවරීමකට සුදානම් වන බවත්, මේ අතර ඇප මත නිදහස්ව සිටි රැඳවියන් සිටින අතර…
Read Moreවතුකරයේ ජනතාවට තියෙන්නේ වෙන නීතියක්! – කන්මනී සිවනේෂන් බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී
පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ උතුරු නැගෙනහිර තරුණයන් රැසක් පොලිස් අත් අඩංගුවට පත්වුණේ ඔවුන් නැවත එල්ටීටීඊ සංවිධානයට පනදෙන්නට උත්සාහ කරනවා කියන චෝදනාව සමග. මේ සිද්ධිය වෙලා ටිකක් කල් ගියත් මේ සිද්ධිය ගැන ප්‍රමානවත් සංවාදයක් දකුණේ නොතිබුණ නිසා අපි මේ කතාව මෙතනින් පටන් ගම්මු.. ඇත්ත වශයෙන්ම කියනවා නම් නොවැම්බර් 6 වෙනිදා සිට තිස් වෙනිදා දක්වා කාර්තිකේ දීබම් කියන උත්සවය සමරනවා. ඒක උතුරේ ජනතාවට විතරක් අයිති වුණ දෙයක් නෙවෙයි. මුළු ලෝකෙම ඉන්න හින්දු ආගමික කටයුතු කරන සියලුම දෙනාට අයිති වුණ දිනයක්. ඒක අපේ ඓතිහාසික උත්සවයක්. එතකොට ඒක අපි කරනවට විරුද්ධව මේ අත්අඩංගුවට ගන්නවා…
Read Moreබන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි
මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන ලෙසත් මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණයන් විනිවිද පෙනෙන ආකාරයෙන් හා ස්වාධීනව පැවැත්වීම වගකිව යුතු ප්රජාතන්ත්රවාදී රජයක වගකීමක් බවද වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. එහි සම්බන්ධිකාරක ඇන්තනි විනොත් මහතා විසින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමේ අරමුණින් යැයි පවසමින් රැඳවියන්…
Read Moreඩිජිටල් අවකාශය තුළ මානව හිමිකම්.
මානව හිමිකම් යනු සියලු මිනිසුන්ට, ලිංගිකත්වය, ජාතිය, ජන වර්ගය, ආගම හෝ වෙනත් කිසිඳු සාධකයක් මත විශේෂීකරණයකට ලක් නොකොට සියලුම මානවයින්ට පොදුවේ මිනිසුන් වීම නිසාම හිමිවන අයීතිවාසිකම්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය හරහා ලෝකය පුරා විවිධ ජාතීන්ට අයත් මිනිසුන් වෙත අනිවාර්යයෙන්ම හිමිවිය යුතු යැයි පොදු එකඟතාවක් ඇති කර ගත් මානව හිමිකම් වගන්ති තිහක් යටතේ ප්‍රකාශයට පත් කොට ඇත. ඒ යටතේ ජීවත් වීමේ අයිතිය, ස්වාධීන මත දැරීම, සහ ප්රකාශනයේ නිදහස, පෞද්ගලිකත්වයට ඇති අයිතිය ආදී කරුණු රාශියක් ප්රමුඛ ලෙස දක්වා ඇත. ලෝකයේ මෙතෙක් ඇති වූ බිහිසුණුම මානව ව්‍යසනයක් වූ දෙවන ලෝක…
Read More