රම්සි රාසික්ගේ ඓතිහසික නඩු තීන්දුව අද.

Ramzy

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR  පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව පවරා ඇති SCFR 135/20 මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව අද්ග දින ගරු යසන්ත කෝදාගොඩ, ගරු කුමුදුනී වික්‍රමසිංහ, ගරු ජනක් ද සිල්වා  යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

රම්සි රාසික් ෆේස් බුක් පෝස්ටුවක් හේතු කොටගෙන 2020 අප්‍රේල් 3 වනදා අත් අඩංගුවට ගත් අතර 2020 සැප්තැම්බර් 17 දින ඇප ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත වී සිටීමට ඔහුට සිදු විය.  ඔහුට එරෙහිව ඉහත කී චෝදනා යටතේ පවත්වාගෙන ආ අපරාධ නඩුවෙන් සාක්ෂි නොමැති බව කියමින් පසුගිය සැප්තැම්බරයේදී ඔහු නිදහස් කරනු ලැබීය.
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, අයිසීසීපීආර් පනත අවභාවිතය සම්බන්ධයෙන්  අද ලබා දීමට නියමිත නඩු තීන්දුව ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් සංවිධානය මේ දක්වා සිදු කර ඇති වීඩියෝ හා ප්‍රකාශනයන්.

Social Sharing
අවකාශය නවතම