රනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා

dhammika erera

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ මෑතකදී දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඩොලර් ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ හට කිසිඳු සැළසුමක් නොමැති බැවින් ඔහු වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයැයි ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ‘මව්රට වෙබ් අඩවිය’ ප්‍රකාශ කරන්නේ ලංකාවේ මතුව ඇති අර්බූදයේ සියලු කොටස් ඩොලර් අර්බූදය සමග ගැටගැසී ඇති බැවින් එම අර්බූදය විසඳිය නොහැකි මුදල් ඇමැතිවරයකු රට තුළ සිටීම භයානක තත්ත්වයක් බව ධම්මික පෙරේරා ප්‍රකාශ කළ බවය. රනිල් වික්‍රමසිංහ හට මුදල් අමාත්‍යවරයා වශයෙන් රටට ඩොලර් ගෙන ඒම සඳහා කිසිඳු සැලැස්මක් නොමැති බව තහවුරුවී ඇති බව ද දැනුවත්ව…

Read More

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය

Dhammika Perera Consumerism and Consumerism

-අජිත් පැරකුම් ජයසිංහ- පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට. පාරිභෝජනවාදයේ සීමාවෙන් පරිභෝජනය නවත්වාගැනීම සිදුකළ හැකි පුද්ගලයකු නිර්මාණය කරගැනීම තමයි මම නම් ඒ හා සම්බන්ධ විප්ලවය විදියට දකින්නෙ. වෙළඳපොළ හා වෙනත් බලවේග විසින් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරනවා. ඒක ගැටලුවක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන හා සේවා අවශ්‍යයි. හැකි අය ඉහළ මට්ටමෙන් පරිභෝජනය කිරීම මුදල්…

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය, ධම්මිකට එරෙහි පෙත්සම් වීසිකරයි

Supreme Court dismisses petitions against Dhammika

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර මතයෙන් තීන්දු කරනු ලැබුවා. මෙම පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණි. කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය…

Read More

ධම්මිකට පාර්ලිමේන්තු එන්න බෑ,.. “විකල්ප” උසාවි යයි

Dhammika cannot come to Parliament

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති. එම පෙත්සමේ මෙසේ සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ…

Read More

සංදර්ශනය හා සමතුලනය

Galleface protest Show and balance Udan Fernando

– උදන් ප්‍රනාන්දු – ‘සංදර්ශන සමාජය’ හෙවත් ‘ද සොසයටි ඔෆ් ද ස්පෙක්ටකල්’ යනු නමසිය හැට ගණන්වල සාකච්ඡා වූ සංකල්පයක හා ප්‍රසිද්ධ පොතක නමකි. සංදර්ශනය යන්න ස්පෙක්ටකලය යන ඉංග්‍රීසි වචනයේ සංකල්පීය අරුත මැනැවින් සිංහලට පරිවර්තනය කරයි දෝ යන්න සැක සහිත ය. සමහරු ඉන් හඟින්නේ සැබෑ පෙණුමෙන් වියුක්ත රැවටිලිකාර මායාවක් බව ය. ප්‍රේක්ශාව යන පදය ස්පෙක්ටකලයට තම කණ්ඩායම කලක් තිස්සේ භාවිතා කළ බව එක්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් මට කීවේ ය. කෙසේ වෙතත්, මගේ තේරුම් පමණින්, ස්පෙක්ටකල කේන්ද්‍රීය සංකල්පයේ අරුත වන්නේ නිදහස් ආර්ථිකයක හදවත වන වෙළෙඳ පොළ සමස්ත සමාජය සිසාරා තම පරමාධිපත්‍ය නව උපක්‍රම…

Read More

වාම ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම

gallface struggle

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (10 කොටස) විසිවන සියවස දක්වා වාමාංශික දේශපාලනය සැලකුණේ පවතින සමාජය සංවිධානය වී ඇති මූලධර්ම සහමුලින්ම උඩු යටිකුරු කරවන දේශපාලන භාවිතය ලෙසයි. දක්ෂිණාංශික දේශපාලනය ලෙස හඳුනා ගැනුණේ සමාජයේ පදනම් වෙනස් නොකොට සංශෝධන ලෙස ක්‍රමිකව සිදුකරන දේශපාලනික වෙනසයි. නමුත් 90 දශකය වන විට සෝවියට් දේශය බිඳවැටීමත් ගෝලීය ධනවාදයේ සිදු වූ සංකීර්ණ වෙනස්කම් ද නිසාවෙන් මෙකී මූලධාර්මික දේශපාලනික වෙනස්කම ක්‍රමිකව මැකීගොස් වම හා දකුණ අතර ගැඹුරු මූලධාර්මික දේශපාලනයක් සලකුණු කළ නොහැකි තරමේ නව යුගයකට ගෝලීය දේශපාලනය අවතීර්ණ විය. එහි මූලිකම වෙනසක් වූයේ දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන ධාරා දෙකම…

Read More

ධම්මික : රාජපක්ෂලාගේ ගැළවුම්කරු

dhammika-the-savior-of-the-rajapaksas

– කේ. සංජීව – අද ජුනි 09 වෙනිදා. මැයි 09 සහාසික ප්‍රහාරය සහ ඊට පසුව රටතුළ උද්ගත වුණ ප්‍රතිප්‍රචණ්ඩත්වයට අදට මාසයක්. මේ මාසය ගතවීම නිමිත්තෙන් අද ගෝල්ෆේස් අරගල භූමියේ වගේම තැන තැන අනුස්මරණ උත්සව හමුවීම් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අස්සේ වාර්තා වෙන තව දෙයක් තමයි අද නිළ වශයෙන් බැසිල් රෝහණ රාජපක්ෂ දේශපාලනයෙන් සමුගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සමුගන්නවා කියන දේ. බැසිල් රෝහණ රාජපක්ෂ සිය පාක්ෂිකයන්ට අද විශේෂ මාධ්‍ය හමුවක් තියලා එම තීරණය ප්‍රකාශ කරන්න නියමිතයි කියලා ආරංචි වෙනවා. මේ සමුගැන්මට මොකද්ද හේතුව කියලා අහනකොට ඔහු තමන්ගේ සමීපතම පුද්ගලයන්ට ප්‍රකාශ කරලා…

Read More

දක්ෂිණාංශික ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම

Right-wing populism and the village of Gota Go

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (9 කොටස) අසූව දශකය වනවිට ලෝකයේ සිදු වූ සංකීර්ණ දේශපාලන වෙනස්කම් සලකුණු කිරීමේ ප්‍රවාදයක් ලෙස ‘ජනප්‍රියවාදය’ නම් සංකල්පය දේශපාලන න්‍යායට එකතු විය. ජනප්‍රිය ස්වරූපයක් උසුළන දේශපාලන පක්ෂ හා පුද්ගලයන් කවදත් සිටි බව සැබෑය. ලංකාවේ නම් බණ්ඩාරනායකගේ මැදිහත් වීම ද ඉන්පසු ඔහුගේ දියණිය වූ චන්ද්‍රිකාගේ ආගමනය ද ජනප්‍රිය ආණ්ඩුකරණයේ සන්ධිස්ථාන දෙකකි. ඊට අමතරව විජය කුමාරතුංග හෝ හෙළ උරුමයේ නැගීම ද දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන අවස්ථා ලෙස සලකුණු කල හැක. මේ දක්වා තිබූ ශක්තිමත්ම දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන බල හවුල ලෙස 2005 – 2014 මහින්ද රාජපක්ෂ මූලික බල හවුල…

Read More

දින පනහ හා හුරුළු මාළු – උදන් ප්‍රනාන්දු

Galleface protest udan fernando

දින පනහක අරගලයේ සංවත්සරය පසු ගිය සතියේ සැමැරිණි. ‘අරගලය’ තව දුරටත් බරසාර දේශපාලන තාක්ෂණික පදයක් නොවේ. එය දැන් ලාංකීය සමාජයේ එදිනෙදා ජන වහරේ සාමාන්‍ය කොටසක බවට පත් ව ඇත. සිංහල ඒ හැටි ව්‍යක්ත නොමැති, ඉංග්‍රීසියෙන් කතා කරන සමාජ පැලැන්තිය ද ‘ගොයින් ටු අරගල’ වැනි වාක්‍ය තම ෆේස්බුක්වල ඉංග්‍රීසියෙන් පෝස්ටු සටහන් කරණු දක්නට ලැබේ. ‘ජයවේවා’ යන්න ද ඔවුන්ගේ සීමිත සිංහල වොකැබියුලිරිය තරමක් පුළුල් කළේ ය. එදිනෙදා ජීවිතයට අවශ්‍ය මූලික භාණ්ඩ හා සේවා කිහිපයක — ගෑස්, විදුලිය, ඉන්ධන, කිරි පිටි, බෙහෙත් — හිඟකම හා ඒවායේ දැරිය නොහැකි අධික මිල, අද අප ‘අරගලය’…

Read More

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?

gotabaya-rajapaksa-ranil-wickramasinghe-sri-lankan-politics-today

නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි. 2022 මැයි මස 9 වැනිදායින් ඇරඹි සිද්ධි දාමයෙන් පෙනී යනුයේ මතුපිට වේශය කවරක් වුවද ඇතුළාන්තයෙන් නම් අප තවමත් එදා මෙන්ම අවිචාරවත්, අනුකම්පා විරහිත හා නොමිනිස් මිනිසුන් සමූහයක් බව නොවේද? නිට්ටඹුවේදී ඝාතනය වූ මන්ත්‍රීවරයා හා ඔහුගේ ආරක්ෂකයාගේ මරණ පරීක්ෂණ තුළින් හෙළිවූයේ ඔවුන්ගේ…

Read More