Tag: කොවිඩ් 19 මාර්ගෝපදේශ
පුස්තකාල ගිනි තැබීම හා බ්‍රිතාන්‍ය පුස්තකාලය
ඊයේ අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ කියවීමේ සමාජිකත්වය අලුත් කර ගත්ත. 1995 සිට අප එහි කියවන්න්නාගේ සමාජිකත්වය දරනව. අවශ්‍ය ලියවිලි දෙකක් බලා සමාජිකත්වය අලුත් කරන්න ගියේ විනාඩි කීපයක් විතරයි. ඒ උණුසුම් පිළිගැනිම, කාරුණිකත්වය ලංකාවේදීනම් හිතා ගන්නවත් බෑ. සෙනසුරාදා හවස 5 පුස්තකාලය වහන නිසා අපි එලියට වෙල එයින් පිටවෙන දැනුම පිපාසිතයන් දෙස බලා හිටිය. අපට මතක් වුනේ ලංකාවේ අපි සමාජිකත්වය ලබා සිටි පුස්තකාල හා ගාළුමුවදොර ‘ගෝටාගෙදරපල’ ගමේ පුස්තකාලයේ ඉරණම. මම පාසැල් පුස්තකාලවලට අමතරව ගෝණාපීණුවල – මීටියාගොඩ ගම්සභාවට අයත් ආරච්චිකන්දේ තිබූ පුස්තකාලයේ සමාජිකත්වය තිබුන. ඇත්තටම එහි තිබුනේ ගමේ [මටිවල] ශ්‍රි රාහුල ප්‍රජාමණ්ඩලයේ සාමුහික සමාජිකත්වයක්.…
Read Moreපෞද්ගලික බස් 80% ක් ධාවනයෙන් ඉවත්වෙයි!
ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය පවසයි. ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසන්නේ බස් රථවලින් සියයට 20 ක් පමණ ධාවනය කරන බවයි.
Read Moreඔමික්‍රෝන් හි තවත් උප ප්‍රභේද සොයාගැනේ
කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇත. මෙම නව උප ප්‍රභේද ‘බී.ඒ.1.1’ සහ ‘බී.ඒ.2.1’ යනුවෙන් නම් කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති අතර බී.ඒ.1.1’ යන නමින් නම් කළ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ චීනයේ සූෂෝ නමැති නගරයෙන්ය. ‘බී.ඒ.2.1’ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ ඩාලියන් නමැති නගරයෙනි. ඩාලියන් නගරය පිහිටා ඇත්තේ, චීනයේ ෂැංග්හායි නුවර සිට කිලෝ මීටර් 70 ක් දුරින්ය. කෙසේවෙතත්…
Read Moreඇන්ටිජන් කට්ටල හිඟය නිසා සමස්ත රෝගී ප්‍රජාවම අනතුරේ
රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි. රෝහල් සදහා ඇනවුම් කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ සදහා පිළියමක් යෙදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ. කොවිඩ් කාර්යසාධන බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය…
Read Moreඔවුන්ගේ ඉරණම වෙනස් කරමු! | migrant workers | House maids
සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO
ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙනු ඇති බවත් ඒ අනුව යුරෝපයේ ජනග්‍රහනයෙන් අඩකට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය වැළඳිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛද්‍ය හෑන්ස් ක්ලූගේ පවසන ආකාරයට බටහිර සිට නැගෙනහිරට උදම් රළක් මෙන් කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය යුරෝපය පුරා සීඝ්රයෙන් පැතිර යමින් තිබෙයි. 2022 නව වසරේ මුල් සතිය වන විට ආසාදිතයන් මිලියන 07ක් වාර්තා වී ඇති අතර මෙම තත්වය අනුව මීළඟ සති දෙක ඇතුළත ආසාදිතයන් දෙගුණයක් වනු ඇතැයි ඔවුන් පවසා සිටී. තවද සති 6ත් 8ත් ඇතුළත සෑම ප්‍රාන්තයකම ජනගහනයෙන් 50%කට මෙම වෛරසය ආසාදනය වනු…
Read Moreඋතුරේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සටන සාර්ථකයි!
පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල පහත හෙළන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (30) උදෑසන හතට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අද (31) උදේ හතට අවසන් වීමට නියමිතව තිබේ. මෙම වර්ජනය උතුරු පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුල ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් වැඩවර්ජනයට සහභාගී විය. එම වර්ජනයට සමගාමීව යාපනය නගරය පුරා දැවැන්ත විරෝධතා පා ගමනකින් ගොස්, යාපනය බස් නැවතුම්පළ තුලදී විරෝධතා රැලියක් ද පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කටයුතු…
Read Moreඔමික්‍රෝන් අඩපන කරන්න එන්නතක්
කොවිඩ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. ”අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි” යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ඇස්ටාසෙනකා’ යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘කොවිඩ් 19’ සඳහා…
Read Moreරට විරුවන්ගේ කඳුළු මිටියාවත!
රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය. සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ හඬ ( voice of migration ) සංවිධානය විසින් ලංකාවේ සිදු කල සමික්ෂණයකදී මේ බව හෙළිව ඇත. ඔවුන් මෙම සමීක්ෂණය කිරිමේ අරමුණ වුයේ විදෙස්ගත වන පුද්ගලයින්ගේ සුබ සාධනය, ගැටලු, මානසික තත්ත්වයන් පිලිබඳ ආදී කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු කරවමින් ඔවුන්ට සහන සලසා දීමය. ගත වු දෙවසරක කාලය දෙස හැරී බැලීමේදි මුළු ලෝකවාසී ජනතාවටම සිදු…
Read More